එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකගේ අදහස් දැක්වීම

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශකගේ අදහස් දැක්වීම

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (2019 සැප්තැම්බර් 25 වැනි දින) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුළන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ 2019 සැප්තැම්බර් 27 වැනි සිකුරාදා මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2019  සැප්තැම්බර් 26 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close