ලේකම් විදේශ අමාත්‍යාංශය

අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා
විදේශ ලේකම්

IMG_5720-18-08-20-10-22

අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා විදේශ ලේකම් වශයෙන් 2020 අගෝස්තු 14 දින වැඩ භාර ගන්නා ලදී. නාවික හමුදාවේ වසර 36ක් සේවය කර ඇති එතුමා නාවික හමුදාපතිවරයා වශයෙන් 2014 ජූලි 01 වන දින විශ්‍රාම ගියේය. එතුමා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ  18 වන නාවික හමුදාපතිවරයා වන අතර රණබිමේදී දැක්වූ රණශූරත්වය සහ නාවික හමුදාව වෙනුවෙන් ඉටුකළ සුවිශේෂී සේවය වෙනුවෙන් පුදනු ලැබූ පදක්කම් ලාභියෙකුද වෙයි. 

එතුමා ඉන්දියාවේ ආරක්ෂක සේවා මාණ්ඩලික විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ආරක්ෂක අධ්‍යයන රාජකීය විද්‍යාලයේ උපාධිධාරියෙකි. තවද, එතුමා ශ්‍රී ලංකාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක්ද ලබා තිබේ. “මුහුදේ අසමමිතික සංග්‍රාමය: ශ්‍රී ලංකාවේ සිද්ධිය” (Asymmetric Warfare at sea: The Case of Sri Lanka) නම් වු මෙතුමාගේ ආචාර්ය උපාධි නිබන්ධනය ජර්මනියේ ලැම්බර්ට් ශාස්ත්‍රීය ප්‍රකාශන මගින් ප්‍රකාශයට පත් කර තිබේ. තවද මෙතුමා මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂාව හා උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ විද්‍යාපති උපාධියත්, ලන්ඩන්හි කිංග්ස් විද්‍යාලයෙන් ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන තිබේ.

මෙතුමා කොළඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාත්‍යන්තර අධ්‍යයන සඳහා බණ්ඩාරනායක මධ්‍යස්ථානය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර පුහුණු ආයතනය යන විශ්වවිද්‍යාලවල සහ ආයතනවල බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරයි. එක්සත් රාජධානියේ ලන්ඩන්හි නෝටිකල් ආයතනයේ සාමාජිකයෙකුද වෙයි. චීනයේ සිචුවාන් විශ්වවිද්‍යාලයේ සහ ලෙෂාන් සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙහි ආරාධිත මහාචාර්යවරයෙකු වන අද්මිරාල් කොළඹගේ මහතා චීනයේ හෙයිකු හි දකුණු චීන මුහුදු අධ්‍යයන ජාතික ආයතනයේ සහාය මහාචාර්යවරයෙකුද වෙයි. තවද මෙතුමා, බංග්ලාදේශය, ඉන්දියාව, ජපානය හා පකිස්ථානය යන රටවල ප්‍රධාන විශ්වවිද්‍යාල හා පුහුණු ආයතන කිහිපයක ආරාධිත කථිකාචාර්යවරයෙකි. එසේම මෙතුමා ජාත්‍යන්තර වශයෙන් සුප්‍රසිද්ධ අධ්‍යයන සඟරා රැසක සංස්කාරකවරයෙකු හා විචාරකයෙකු ද වෙයි.

අද්මිරාල් කොළඹගේ මහතා, 2019 දෙසැම්බර් මස සිට අතිගරු ජනාධිපතිතුමාගේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරමින් සිටියි. 

Print Friendly, PDF & Email

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close
Zoom