දිවුරුම් ප්‍රකාශ/ ඇටෝර්නි බලපත්‍ර

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ මෙරට සංස්ථාපිත පුරවැසියෙකු විසින් ප්‍රකාශයට පත් කරන ලද හෝ අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් හෝ ඇටෝර්නි බලපත්‍රයක් පමණක් සත්‍යාපනය කිරීම සඳහා පිළිගනු ඇත. එවන් තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා, සංස්ථාපිත පුරවැසියන් තහවුරු කිරීමේ ලේඛන ඉදිරිපත් කළ යුතුය. (උදා: ආයතන ලියාපදිංචි කිරීමේ කාර්යාලය මඟින් සහතික කරන ලද ආකෘති අංක 20 දරණ ලේඛනය යනාදිය)
  • නීතීඥයෙකු විසින් සකස් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් හෝ ඇටෝර්නි බලපත්‍රයක් වන්නේ නම්, එය ශ්‍රේෂ්ඨාධිරණ ලේඛකාධිවරයා සහතික කළ යුතුය. සාමදාන විනිශ්චයකාරවරයෙකුගේ අත්සනින් යුතු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ නම්, එය අධිකරණ අමාත්‍යංශයේ සාමදාන විනිසුරු අංශයේ අනු අත්සනින් යුක්ත විය යුතුය.
  • දිවුරුම් ප්‍රකාශයක හෝ ඇටෝර්නි බලපත්‍රයක සඳහන් කරුණු තහවුරු කිරීමට අදාළ රාජකාරී ලේඛන ඉදිරිපත් කළ යුතුය. යම් හෙයකින් දිවුරුම් ප්‍රකාශයක හෝ ඇටෝර්නි බලපත්‍රයක සඳහන් කරුණු තහවුරු කිරීමේ ලිපිලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත්, එවන්වූ දිවුරුම් ප්‍රකාශ හෝ ඇටෝර්නි බලපත්‍ර සත්‍යාපනය කිරීම සඳහා සළකා බලනු නොලැබේ.
  • උප්පැන්න, විවාහ හා මරණ සහතික, ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් ආදී රජය මගින් නිකුත් කර ඇති හඳුනා ගැනීමේ ලේඛනයන්හි සඳහන් තොරතුරුවල වෙනස් කිරීමක් වෙනුවෙන් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශ සත්‍යාපනය කරනු ලබන්නේ, ඉහත කී ලේඛනයන්හි මුල් පිටපත්වල අදාළ සංශෝධනයන් සිදුකර, අදාළ ලේඛනය නිකුත් කරන ලද බලධාරියා එය නිසි පරිදි සහතික කර ඇත්නම් පමණි. ‍
  • විදේශයක වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියකුට, එරටෙහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක දී, කොන්සියුලර් කාර්යය පනත යටතේ, බලයලත් නිලධාරියකු ඉදිරියේ දිවුරුම් ප්‍රකාශ ලබාදීමට හෝ අත්සන් කරවා ගැනීමට හැකියාව පවතියි.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close