දරුවන් කුලවැද්දීම පිළිබඳ සහතික

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

දරුවන් කුලවැද්දීම පිළිබඳ වූ ලේඛන සත්‍යාපනය කරනු ලබන්නේ පහත සඳහන් ලිපිලේඛන ඉදිරිපත් කර ඇත්නම් පමණි.

  • දිස්ත්‍රික් අධිකරණ විනිශ්චයකාරවරයෙකු විසින් නිකුත් කරන ලද දරුවන් කුලවැද්දීම පිළිබඳ වූ නියෝගයක් (ආකෘති අංක 04)
  • දරුවා කුලවැද්දීම සඳහා, ස්වභාවික දෙමාපියන්ගේ/ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ කරමින් නීතීඥයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට සකස් කරන ලද ලියවිල්ල (ආකෘති අංක 02) (මෙම ලියවිල්ල ශ්‍රේෂ්ඨාධිරණ ලේඛකාධිවරයා විසින් සහතික කළ යුතුය)
  • පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විසින් කුලවද්දාගත් දෙමාපියන්ට නිකුත් කළ ලිපිය
  • පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත නිකුත් කළ ලිපිය
  • දරුවාගේ උප්පැන්න සහතිකය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන ලද කුලවද්දා ගැනීම පිළිබඳ වූ සහතිකය
  • හේග් සම්මුතියේ 23 වන වගන්තිය යටතේ නිකුත් කළ අනුකූලතා සහතිකය (දරුවා කුලවද්දා ගන්නා දෙමාපියන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන්නේ නම් මෙම ලේඛනය අවශ්‍ය නොවනු ඇත.)
කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

Close