සංධාන අංශය

සන්ධාන අංශය

සාර්ථක රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්ති අරමුණු ඉදිරියට ගෙන යාමට සංධාන අංශය කටයුතු කරයි. මෙහි පැමිණෙන ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන්, පාලක රජවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පළමුවෙන්ම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගනු ලබන්නේ අපගේ කණ්ඩායම විසිනි. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ඉදිරි පෙළේ සේවය කරමින් සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට ගරු කරමින්, ලොව පුරා රටවල ජනතාව සහ රජයන් අතර සංස්කෘතික හුවමාරුව සහ අවබෝධය වැඩිදියුණු කිරීම අපි ප්‍රවර්ධනය කරන්නෙමු.

චාරිත්‍රානුකූල කටයුතු ක්ෂේත්‍රය

ශෛලිය, අලංකාරය සමඟ සියලු කරුණු පිළිබඳව ගැඹුරු අවධානයකින් යුතුව, අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය තුමා, ගරු විදේශ සබඳතා අමාත්‍යතුමා, විදේශ සබඳතා ලේකම්වරයා සහ අනෙකුත් ඉහළ පෙළේ ශ්‍රී ලාංකික සම්භාවනීය අමුත්තන් විසින් සත්කාරකත්වය සපයනු ලබන පුළුල් පරාසයක චාරිත්‍රානුකූල හා නිල කාර්යයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහාය දීම මෙම අංශය සිදු කරයි.

ජාත්‍යන්තර සංධාන රීතියෙහි සාරය වන්නේ විදේශීය නායකයින් පිළිගැනීම හා සත්කාරකත්වය සැපයීම සඳහා නිසි සමාජ චාරිත්‍ර විධි, නිල විධිවිධාන සහ ගෞරවනීය උත්සව යොදා ගැනීම පිළිබඳ පරිචයයි. මෙම සදාතනික සම්ප්‍රදාය පවත්වාගෙන යාමේ දී සංධාන අංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

ආරාධනා පත්‍ර සහ ආසන පැනවීම, මෙනුපත්, අලංකරණය සහ නිල විනෝදාස්වාද කටයුතු වැනි සෑම විස්තරයක්ම සැලකිල්ලට ගනිමින් සංධාන නිලධාරීහු සෑම සිදුවීමක්ම ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන අතර, එමඟින් සංස්කෘතික කරුණුවලට අනුකූලව ගෞරවනීය අමුත්තන්ට සාදර පිළිගැනීමක් සහ සුවපහසුවක් දැනෙන බවට සහතික කෙරේ. මෙම අංග අතරට නිල හා රාජ්‍ය දිවා භෝජන සංග්‍රහ, අමාත්‍ය මට්ටමේ සහ ප්‍රධාන ජාත්‍යන්තර සමුළු, පිළිගැනීම්, අක්තපත්‍ර පිළිගැන්වීමේ හා දිවුරුම් දීමේ උත්සව ද ඇතුළත් වන අතර, ඒවාට පමණක් සීමා නොවේ.

පාර්ලිමේන්තුවේ සැසිවාර, සමාරම්භක උත්සව සහ වෙනත් උත්සව වැනි විශේෂ සිදුවීම් සහ නිල මහජන උත්සව සඳහා රාජ්‍යතාන්ත්‍රික බලකායේ සහභාගීත්වය ද සංධාන අංශය විසින් සංවිධානය කරනු ලැබේ. ඊට අමතරව, සංධාන අංශය ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා අනුපිළිවෙල පවත්වාගෙන යයි. ධජ ආචාර විධි, ඇමතුම් පිළිවෙත්, ආසන පැනවීම සහ ආරාධනා පත්‍ර මෙන්ම, භෝජන පිළිබඳ සීමාවන් සහ සංස්කෘතික සිරිත් විරිත් පිළිබඳ ප්‍රශ්නවලට ද මෙම අංශය පිළිතුරු සපයයි.

මුක්තීන් හා වරප්‍රසාද

ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික බලකායෙහි සම්බන්ධක ස්ථානය හා එහි සම්බන්ධීකාරක ලෙස සංධාන අංශය කටයුතු කරයි.

  1. ද්විපාර්ශ්වික දූත මණ්ඩල ප්‍රධානීන්, නියෝජිත මණ්ඩල ප්‍රධානීන්, කාර්ය භාර නිලධාරීන් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ අක්තගැන්වීම හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම්,
  2. වරප්‍රසාද සහ මුක්තිය සම්බන්ධ කරුණු අධීක්ෂණය කිරීම

පිළිබඳ වගකීම මෙම අංශයට පැවරේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හෝ “ජනාධිපති මන්දිරයේ” දී ජනාධිපතිවරයා ඉදිරියට පැමිණීම සහ අක්තපත්‍ර පිළිගැන්වීම ඇතුළුව, නව ද්විපාර්ශ්වික දූත මණ්ඩල ප්‍රධානීන් සහ නියෝජිත මණ්ඩල ප්‍රධානීන් සඳහා වන අක්තගැන්වීමේ ක්‍රියාවලිය මෙම අංශය මඟින් මෙහෙයවනු ලැබේ. ද්විපාර්ශ්වික විදේශ දූත මණ්ඩල ප්‍රධානීන්, නියෝජිත මණ්ඩල ප්‍රධානීන් සහ කාර්ය භාර නිලධාරීන්ගේ ප්‍රමුඛතා අනුපිළිවෙල පවත්වාගෙන යාමේ වගකීම මෙම අංශයට පැවරී ඇති අතර, විදේශ රාජ්‍යතාන්ත්‍රික නාම ලේඛනය ප්‍රකාශයට පත් කිරීම එමඟින් කළමනාකරණය කෙරේ. මෙම අංශය, සමස්ත රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ සම්බන්ධීකරණය සිදු කරන අතර, මෙම අමාත්‍යාංශය විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සමඟ සම්බන්ධ වීමේ දී ඇතිවිය හැකි ගැටලු විසඳාලයි. නව දූත මණ්ඩල සහ කොන්සියුලර් තනතුරු පිහිටුවීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට ද, පොදුවේ අවධානය යොමු කළ යුතු කරුණු සම්බන්ධයෙන් අනෙකුත් රේඛීය නියෝජිතායතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රාජ්‍ය හා පළාත් පාලන බලධාරීන්ට ද අවශ්‍ය උපදෙස් හා සහාය මෙම අංශය ලබා දෙයි.

සංචාර

මෙරටේ සංචාරයක යෙදෙන විදේශ නායකයෙකුගේ පැමිණීමේ සිට නැවත ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාම දක්වා, රාජ්‍ය නායකයින්, ආණ්ඩු ප්‍රධානීන් සහ වෙනත් විදේශීය සම්භාවනීය අමුත්තන් සඳහා සවිස්තර වැඩසටහන් සංවිධානය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට මෙම අංශය සැලසුම් කරයි. සංධාන අංශය රාජ්‍යතාන්ත්‍රිකත්වයේ ඉදිරි පෙළේ කටයුතු කරන අතර, විදේශ සබඳතා සඳහා රාමුවක් නිර්මාණය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

  1. මෙම අංශය, බොහෝ විට වෙනත් රේඛීය නියෝජිතායතන සමඟ සමීපව කටයුතු කරමින්, අතිගරු ජනාධිපතිතුමා, ජනාධිපති ආර්යාව, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු විදේශ සබඳතා අමාත්‍යතුමා හා විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවැත්වෙන ද්විපාර්ශ්වික රැස්වීම්වල සිට නිල හා රාජ්‍ය චාරිකා, ජාත්‍යන්තර රැස්වීම් සහ සමුළු දක්වා අවශ්‍ය සැපයුම් සැලසුම් කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. සංචාරයකට පෙර, එහි ආරම්භයේ සිට අවසානය දක්වා සවිස්තරාත්මක කාලසටහනක් නිර්මාණය කිරීම සඳහා පෙරටුගාමී නියෝජිතයින් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය සමඟ මෙම අංශය කටයුතු කරයි. තානාපති කාර්යාලය සමඟ කටයුතු කරමින්, මෙම අංශය සියලු තාර්කික කරුණු පිළිවෙලට සකස් කොට, සියලු සංස්කෘතික හා සාම්ප්‍රදායික සිරිත් විරිත් සපුරාලන බවට සහතික වෙමින් සාර්ථක සංචාරයක් සඳහා අවශ්‍ය සැලැස්ම සකස් කරනු ඇත. ඊට අමතරව, විදේශවල දී සිදුවන උත්සව අංග සහ එම සංචාර සඳහා ජනාධිපති නියෝජිතයින්ට සහාය ලබා දීම මෙන්ම කැටුව ගමන් කිරීම ද මෙම සංධාන කාර්ය මණ්ඩලය ඉටු කරයි.

නිල කටයුතු සඳහා ලබාදෙන ත්‍යාග

ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙනුවෙන් ලැබෙන සියලුම රාජ්‍යතාන්ත්‍රික ත්‍යාග මෙම සංධාන අංශය වෙත ලැබෙන අතර, මෙම රාජ්‍යතාන්ත්‍රික ත්‍යාග පිළිබඳ වාර්තා එහි පවත්වාගෙන යනු ලැබේ. අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය තුමා හා ගරු විදේශ සබඳතා අමාත්‍යතුමා වෙත ලැබෙන සියලුම රාජ්‍යතාන්ත්‍රික ත්‍යාග ද මීට ඇතුළත් වේ. ජනාධිපති කාර්ය මණ්ඩලය, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලය, විදේශ සබඳතා අමාත්‍ය කාර්ය මණ්ඩලය සහ විදේශ සබඳතා ලේකම් සමඟ සමීපව කටයුතු කරමින්, විදේශීය සම්භාවනීය අමුත්තන්ට පිරිනැමීම සඳහා අවශ්‍ය ත්‍යාග තෝරා ගැනීමට ද මෙම සංධාන අංශය උපකාරී වේ.

උත්සව අංග සහ සම්මන්ත්‍රණ

සංධාන අංශයේ මූලික මෙහෙවර වන්නේ අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍ය තුමා හා ගරු විදේශ සබඳතා අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකාවේ දී හෝ විදේශයන්හි දී සත්කාරකත්වය සපයනු ලබන ප්‍රධාන ජාත්‍යන්තර බහුපාර්ශ්වික සමුළු, සාකච්ඡා සහ වෙනත් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ පැවැත්වීමේ දී අවශ්‍ය සැපයුම් සේවා සහය ලබා දීමයි. මෙම ප්‍රධාන අංග පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ සැපයුම් සේවා වේදිකාව සැලසුම් කිරීම, කාර්ය මණ්ඩල යෙදවීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම මෙම අංශය සතු වේ.

සෙසු නිලධාරීන්

සන්ධාන ප්‍රධානී

නම : සෙනරත් දිසානායක මහතා
දුරකතනය : +94 112 421 816
ෆැක්ස් : +94 112 325 346
විද්‍යුත් තැපෑල : senerath.dissanayake(at)mfa.gov.lk

සහකාර සන්ධාන ප්‍රධානී

නම: නිරෝෂා කේ හේරත් මිය
දුරකතනය: +94 112 424 509
ෆැක්ස්: +94 112 325 346
විද්‍යුත් තැපෑල: chathura.weerasekara@mfa.gov.lk

නියෝජ්‍ය සන්ධාන ප්‍රධානී

නම: අහමඩ් රාසී මහතා
දුරකතනය: +94 112 424 509
ෆැක්ස්: +94 112 325 346
විද්‍යුත් තැපෑල: ahamed.razee(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම: එල්.ඩී. රංජිත් සිල්වා මහතා
දුරකතනය : +94 112 327 048
ෆැක්ස් : +94 112 328 681

නියෝජ්‍ය සන්ධාන ප්‍රධානී

නම: මධූකා වික්‍රමාරච්චි මිය
දුරකතනය: +94 112 432 757
ෆැක්ස්: +94 112 325 346
විද්‍යුත් තැපෑල: madhuka.wickramarachchi(at)mfa.gov.lk

පුද්ගලික සහකාර

නම: කුංචනා ද සිල්වා මෙය
දුරකතනය : +94 112 421 816
ෆැක්ස් : +94 112 328 681
විද්‍යුත් තැපෑල :
cprot@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close