Invest In Sri Lanka

  • Invest in Sri Lanka
  • ශ්‍රී ලංකාව ගැන කෙටි හැඳින්වීමක්
  • Sri Lanka Tourism
  • How to Visit Sri Lanka

WHY SRI LANKA?

  1. Strategic Location, Best International & Regional Connectivity: Sri Lanka remains a key maritime & logistics hub for over a millennium, due to its location at the center of all major sea routes connecting Asia to the rest of the World.

Today, Sri Lanka is regaining its position as a hub, connecting Asia with the rest of the world. Its proximity to all major ports in the Indian sub-continent, with Colombo port being the number one port in the region, provides the best connectivity. For example, using Colombo port in transit can save up to 5 days compared to using Singapore port.

  1. Superior Infrastructure: Sri Lanka has one of the best infrastructure facilities in South Asia and is substantively investing in upgrading seaports, airports and logistics infrastructure.
  1. Sea Ports:

Colombo Port Expansion Project (CEPP): The Colombo harbour is extended by 600 ha as the Colombo South Harbour with 3 new terminals. The first one – the South Container Terminal – is in operation since 2013.

Hambanthota Port Phase II: Hambanthota  Port in the South, a free and green port, is in operation since 2012 with zero deviation time from the international shipping route. Phase II of the port is underway. It will be a major industrial and service port with great investment opportunities.

2. Airports:

Bandaranaike International Airport Phase II, Stage II: Sri Lanka’s main airport with state-of-the-art facilities of international status, is at its development Phase II, Stage II, where the Terminal 2 covering 18,000 sq m floor area and 31 A multi-level terminal, with two pier passenger terminals for separate arrival and departure facilities will be erected.

Mattala Rajapaksa International Airport (MRIA) is Sri Lanka’s second international airport, located in Mattala, in the Southern province. It is in close proximity to several tourist attractions such as Udawalawe National Park, Sinharaja Rainforest, Yala National Park, Arugam Bay and the Galle Dutch Fort.

  • Logistics Infrastructure:

Western Region Megapolis Planning Project (WRMPP): The WRMPP aims to position Colombo as Asia’s next ‘Global City’ and envisions a spatial and structural transformation of the entire Western Province.

Colombo International Financial City (CIFC): A 269 ha of reclaimed waterfront land off Colombo Central Business District will fill the vacuum for a financial city between the cities of Singapore and Dubai.

  1. Ease of Doing Business: Sri Lanka ranks far ahead of other South Asian countries in the Ease of Doing Business index (2016). Starting a business takes just one week, under one stop shop of the Board of Investment of Sri Lanka (BOI). Low cost of trading across borders and less time to trade across borders is an added advantage.
  1. Educated Workforce: Human capital is on par with East Asia ranking 50 at the Human Capital Index (2016). Adult literacy rate is 93.2% (2016).
  1. Quality of Life: Better Human Development Indices with better standards of living: life expectancy at birth 74.9 (2015) & less maternal mortality with best air pollution indices in the region.
  1. Open Economy: First South Asian country to liberalize economy in 1977. Assured investor protection with 100% foreign ownership allowed (with a few exceptions) with 100% repatriation of profits. Double Tax Avoidance Agreements with 38 countries and Bilateral Investor Protection Agreements with 28 countries. Member of the Multilateral Investment Guarentee Agency (MIGA) of the World Bank.
  1. Technology & Innovation: Sri Lanka ranks 46 in the Global Innovation Index (2016). Plans for a nanotechnology park are also in the pipeline.

WHERE TO INVEST?

There are 13 Industrial Parks and Export Processing Zones in Sri Lanka, with best infrastructure facilities & connectivity to ports.

Top sectors which attracted Foreign Direct Investments in 2016:

Telephone and telecommunications             Hotels and Restaurants

Rubber Products                                                  Housing Property Development and Shop Office

Food, Beverage and Tobacco                            Non-metalic mineral products

IT and BPO                                                            Textile, wearing apparel and leather

 

OTHER AREAS:

Real Estate                                                            Infrastructure

Tourism                                                                 Higher Education

Agriculture and Fisheries                                 Boat and Sail

Petroleum Products                                            Gem and Jewelry

Light Engineering                                               Pharmaceuticals

Further Information:

boi2015

Discover Map

දකුණු ආසියාවේ, ඉන්දියානු සාගරයේ පිහිටි ඝර්ම කලාපීය දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සහස්‍ර දෙකකට අධික ලිඛිත ඉතිහාසයක් හිමිය. බුදු දහමෙන් ආභාසය ලැබූ සරුසාර සංස්කෘතියක් සහිත බහු-වාර්ගික, බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාව නොකිළිටි ස්වභාව සෞන්දර්යයෙන් අනූනය.

ශ්‍රී ලංකාව වනාහී මනස්කාන්ත භූමිදර්ශන, සුපිරිසුදු වෙරළවල් සහ ආකර්ෂණීය සංස්කෘතියෙන් හෙබි අපූර්ව සහ අද්විතීය සුසංයෝගයක් සංචාරකයන්ට පිරිනමන ගමනාන්තයකි. වර්ග කිලෝමීටර 65,610 ක් වැනි කුඩා භූමි ප්‍රදේශයක් ඇතුළත යුනෙස්කෝ ලෝක උරුම අටක් ද, කිලෝමීටර 1330 ක් වූ සුපිරිසුදු වෙරළ තීරයක්ද, වනසතුන්ගෙන් ගහණ ජාතික වනෝද්‍යාන පහළොවක්ද, සරුසාර තේ වතු අක්කර පන් ලක්ෂයක්ද, උද්භිද උද්‍යාන අක්කර දෙසිය පනහක්ද, දිය ඇලි තුන්සිය පනහක් හා වැව් පොකුණු විසි පන්දහසක්ද පිහිටා තිබේ.

ඉන්දියානු සාගරයේ මුතු ඇටය නමින් විරුදාවලි ලත් ශ්‍රී ලංකා දිවයින සිය දීර්ඝ ඉතිහාසය තුළ විවිධ අවස්ථාවලදී සෙරෙන්ඩිබ්, තැප්‍රොබේන් හා සිලෝන් වැනි නම්වලින් හැඳින්විණි.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

National Flag

1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාව සිය නිදහස ලබාගැනීමට පෙර පවා ජාතික කොඩියක අවශ්‍යතාව සාකච්ඡාවට බඳුන් විය. වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයට රැගෙන යන ලද, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිංහ කොඩිය ජාතික ධජය වශයෙන් භාවිතයට ගත යුතු බව පවසමින් එවක මඩකලපුව නියෝජනය කළ මන්ත්‍රී ඒ. සින්නලෙබ්බේ මහතා 1948 ජනවාරි 16 වැනි දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනාව විවාදයට බඳුන් වූ අතර පසුව අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා මේ සම්බන්ධයෙන් උපදේශක කමිටුවක් පත් කළේය. මෙම කමිටුවට එස්.ඩබ්. ආර්.ඩී.බණ්ඩාරනායක (සභාපති), ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජේ.ආර්.ජයවර්ධන, ටී.බී. ජයා, එල්.ඒ. රාජපක්ෂ, ජී.ජී. පොන්නම්බලම් සහ සෙනෙට් සභික එස්. නඩේසන් යන මහත්වරු ඇතුළත් වූහ.

ජාතික කොඩිය නිර්මාණය කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලැබූවද, 1948 පෙබරවාරි 04 වැනිදා පළමු නිදහස් දිනය සමරන අවස්ථාව වන විට ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹ නොතිබිණි. 1948 පෙබරවාරි 19 වැනි දින නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව විවෘත කරන අවස්ථාවේදී සිංහ ධජය සහ බ්‍රිතාන්‍යයේ යූනියන් ජැක් ධජය ඔසවන ලදී. 1948 පෙබරවාරි 12 වැනි දින මහනුවරදී පැවැති නිදහස් සමරුවේදී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ සිට අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා සිංහ ධජය එසැවීය.

විශේෂ කමිටුව මඟින් නිර්දේශ කරනු ලැබූ ජාතික කොඩිය 1951 මාර්තු 02 වැනි දින අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ සම්මත කර ගැනිණි. එහි සිරස් තීරු දෙකක් වූ අතර, ඉන් කොළ පැහැති තීරුවෙන් මුස්ලිම්වරුන්ද, තැඹිලි පැහැති තීරුවෙන් දෙමළ ජාතිකයන්ද නිරූපණය කෙරිණි. මේ එක් තීරුවක් කොඩියේ ප්‍රමාණයෙන් හතෙන් එකකට සමාන විය යුතු වූයේය.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ විට ජාතික කොඩියේ තිබූ සාම්ප්‍රදායික බෝපත් ස්වභාවික බෝපත්වල පෙනුම ලැබෙන සේ වෙනස් කෙරිණි. 1972 මැයි 22 වැනි දින පවත්වනු ලැබූ පළමු ජනරජ දින සමරුවේදී මේ සංශෝධිත කොඩිය පළමුවරට ඔසවනු ලැබිණි.  1978 සැප්තැම්බර් 09 වැනි දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි වගන්තියේ දෙවැනි උපලේඛනයට ජාතික කොඩිය ඇතුළත් කොට තිබේ.

1951 මාර්තු 02 වැනි දින ජාතික කොඩි නිර්මාණ කමිටුවෙන් නිර්දේශ කරනු ලැබූ කොඩිය සහ වර්තමානයේ භාවිතයට ගැනෙන කොඩිය අතර ඇති එකම වෙනස වන්නේ එහි ඇති නව බෝපත් පමණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

National Emblem

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවැති සමයේ එය භාවිතයට ගත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලාංඡනයයි. 1948 දී නිදහස ලබාගැනීමෙන් පසුද ශ්‍රී ලංකාව දිගටම එම ලාංඡනය භාවිතා කළේය. ශ්‍රී ලංකාවට වඩාත් උචිත රාජ්‍ය ලාංඡනයක් නිර්මාණය කිරීම සඳහා පත් කරනු ලැබූ තේරීම් කාරක සභාවක නිර්දේශ මත නව රාජ්‍ය ලාංඡනයක් නිර්මාණය කෙරිණි. පලාපෙති මෝස්තරයකින් වට කරනු ලැබූ දකුණතින් කඩුවක් දරා සිටින සිංහයකු එහි නිරූපණය විය. ඊට යටින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් රටෙහි නම සඳහන් කොට තිබිණි.

1972 මැයි 22 වැනි දින ශ්‍රී ලංකාව ජනරජයක් වූ පසු නව ජනරජ ලාංඡනයක් තෝරා ගනු ලැබිණි. එහි කඩුවක් අතින් ගත් සිංහයාට සහ පලාපෙති මෝස්තරයට අමතරව පුන්කලසක්, ධර්මචක්‍රයක්, හිරු, සඳු සහ වී කරල් දෙකක්  ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය

Nilmanel

1986 පෙබරවාරි 26 වැනි දින නිල් මහනෙල් මල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. එහි උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ Nympheae Stellata යන්නයි.  සිංහල, පාලි සහ සංස්කෘත සාහිත්‍ය කෘති බොහෝමයක මෙම පුෂ්පය ගැන සඳහන් වේ. ‘කුවාලය’, ‘ඉන්දීවර’, ‘නිලුප්පල’, ‘නීලෝත්පල’ සහ ‘නිලුපුල්’ යන පර්යාය පදවලින්ද හැඳින්වෙන නිල් මහනෙල් මලට බෞද්ධ සාහිත්‍යයේද සුවිශේෂී ස්ථානයක් හිමි වේ. නිල් මහනෙල් මල සිද්ධාර්ථ කුමරුන්ගේ ශ්‍රී පතුලෙහි තිබුණේ යැයි කියන මඟුල් ලකුණු 108 න් එකක් වී යැයි කියති. ඉතිහාසය පුරාම මෙම පුෂ්පය සම්භාවනාවට පාත්‍ර වූ පුෂ්පයක් වූ බව මෙයින් සනාථ වේ. සීගිරි ළඳුන් අත දරා සිටිනුයේද නිල් මහනෙල් මල් බව විශ්වාස කෙරේ. සංදේශ කාව්‍යවල නිල් මහනෙල් මල කාන්තාවන්ගේ ඇස්වලට උපමා කොට ඇති අතර එය කනෙහි පලඳින ආභරණයක් වශයෙන්ද භාවිතයට ගෙන ඇත.

නොගැඹුරු දියෙහි වැවෙන නිල් මහනෙල් පැලෑටිය රටේ සියලුම ප්‍රදේශවලින් හමුවෙයි. දම්පැහැයට හුරු නිල් පැහැයෙන් යුත් නිල් මහනෙල් මල මධ්‍යයේ පෙති රාශියක් පිහිටා ඇත. නිල් මහනෙල් මල සත්‍යයේ, පිවිතුරුබවේ සහ විනයෙහි සංකේතයක් වශයෙන්ද සැලකේ.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

national_tree

නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වශයෙන් ප්‍රකාශයට පත් කරන්නට ඉදිරිපත් වූ යෝජනාවක් 1986 පෙබරවාරි 26 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.  සාමාජික හා සංස්කෘතික වශයෙන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව නා වෘක්ෂය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇත. හේතු සතක් මත නා ගස ජාතික වෘක්ෂය වශයෙන් තෝරා ගනු ලැබිණි. එම හේතු වනුයේ: 1) එය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වීම; 2) එහි උපයෝගිතාව; 3) එහි ඓතිහාසික හා සංස්කෘතික වැදගත්කම; 4) පිටත පෙනුම; 5) ශාකයේ විස්තෘතබව; 6) පැහැය සහ ස්වභාවය; සහ 7) පහසුවෙන් චිත්‍රයට නැඟීමට ඇති හැකියාව යි.

Mesua Nagassarium යනුවෙන් උද්භිද විද්‍යාත්මක හැඳින්වෙන නා වෘක්ෂය ඉංගිරිසි බසින් Iron Wood යනුවෙන් හැඳින්වේ.  දේශීය ශාකයක් වන නා ගස එහි මහේශාක්‍ය පෙනුම හේතුවෙන් උද්‍යානවලද වගා කෙරෙයි.   එහි ඉංගිරිසි නමින් ඇඟවෙන පරිදිම ඉතා ශක්තිමත් සහ කල්පවතින වෘක්ෂයක් වන නා ගසේ දැව පන්සල් සහ දේවාල ඉදිකිරීමට භාවිතා කෙරෙයි.

වැඩි විස්තර මෙතැනින්…

Travel LOGO

SLTourism

Sri Lanka Tourism E-Brochures and Guides to various attractions, locations, wildlife & sights of  Sri Lanka available at:-

http://www.srilanka.travel/index.php?route=information/ebrochures

~General Tourism Guide to Sri Lanka below ~
SriLanka

 

~ Specific Guides below ~

Bliss

Buddhist

Essence

Festive

Golf

Heritage

Pristine

Scenic

Thrills

WILDD

Close
Zoom