අධිකරණ ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අධිකරණ ලේඛන සත්‍යාපනය කිරීමේදී, අදාළ අධිකරණ ලේඛකාධිවරයා විසින් සහතික කරන ලද මුල් ලේඛනය ඉදිරිපත් කළ යුතු වන අතර, එම ලේඛනයන්හි දත්ත අදාළ අධිකරණය මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පමණක් අධිකරණ ලේඛන සත්‍යාපනය කෙරෙනු ඇත.
  • දික්කසාද සහතික සත්‍යාපනය පිණිස භාරගනු ලබන්නේ නියත තීන්දුව ලැබී ඇති විට පමණක් වන අතරම සත්‍යාපනය කෙරෙනුයේ එම නියත තීන්දුව සහිත ලේඛනය පමණි. කෙසේ වෙතත්, නෛසයි ආඥාව සහිත ලේඛනයද සත්‍යාපනය කිරීමේ දී මෙම කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය. නෛසයි ආඥාව පමණක් සත්‍යාපනය කිරීම පිණිස භාර නොගන්නා බව කාරුණිකව සලකන්න.
  • මෙකී ලේඛන අදාළ අධිකරණය මඟින් තහවුරු කිරීමට වැයවන කාලය මෙම ආයතනයේ පාලනයෙන් තොර බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධව අදාළ අධිකරණයෙන් විමසනු මැනවි.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close