ආර්ථික කටයුතු අංශය

ආර්ථික කටයුතු අංශය

ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය

මෙම අංශයේ මූලික කාර්යය වන්නේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රවර්ධනය කිරීම වන අතර, එය ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන පිළිබඳ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම තුළින් ක්‍රියාත්මක වේ. ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය සඳහා වන සිව් වැදෑරුම් ප්‍රමුඛතා:

  • අපනයන ඉහළ නැංවීම
  • සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම
  • ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වන විදේශ රැකියා අවස්ථා ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස පුළුල් කිරීම
  • සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම

පහත දැක්වෙන ප්‍රවේශයන් තුළින් මෙය සාක්ෂාත් කරගනු ලැබේ:

  1. වෙළඳාම හා ආයෝජන සම්බන්ධ කර ගනිමින් 2019 සඳහා දූත මණ්ඩල සඳහා ආර්ථික දර්ශක සහ ආර්ථික කාර්ය සාධන ඉලක්ක පිහිටුවීම.

එක් එක් දූත මණ්ඩලය/දූත කාර්යාලය සඳහා වෙළඳ, ආයෝජන, සංචාරක කටයුතු සහ විදේශ රැකියා සඳහා නිශ්චිත ඉලක්ක සැකසීම මෙම අංශය සතු වගකීමකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා සංචාරක කටයුතු ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ වාණිජ මණ්ඩල වැනි රාජ්‍ය හා පෞද්ගලික අංශ සම්බන්ධ සියලු රේඛීය ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව මෙම සම්පාදනය සිදු කරනු ලැබේ.

  1. ප්‍රවර්ධන ක්‍රියාකාරකම්

ශ්‍රී ලංකාවේ ගෝලීය පියසටහන වැඩි දියුණු කිරීම සහ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව ආර්ථික ප්‍රතිලාභ ගෙන ඒම අරමුණු කර ගනිමින් ඉලක්කගත ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා ඉහළ හැකියාවක් සහිත වෙළඳපල තෝරා ගනු ලැබේ. නිශ්චිත ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා, අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, සංචාරක මණ්ඩලය සහ ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන රේඛීය ආයතනවල අරමුණුවලට අනුකූලව විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම සඳහා නිශ්චිත නිර්ණායක මත පදනම්ව විදේශ දූත මණ්ඩල/දූත කාර්යාල තෝරා ගනු ලැබේ.

  1. ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය හා ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සංවාදය

මෙම දෙසතියක වාර්ෂික සංවාදය වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයින් සඳහා වන අතර, එය බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKI) සමඟ සහයෝගයෙන් යුතුව පැවැත්වේ. ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ප්‍රවේශය කෙරෙහි අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා පිළිබඳ සවිස්තරාත්මක සිතුවමක් සැපයීම මෙම සංවාදයේ අරමුණයි. මෙයට සහභාගිවන්නන් ලබන ධනාත්මක අත්දැකීම්, ලොව පුරා රටවල් සමඟ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සඳහා උපකාරී වෙමින්, ඉන්දියානු සාගරයේ වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු සඳහා නැගී එන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

  1. එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්

සංවර්ධන කටයුතු සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කර ගැනීම, මෙම අංශයේ ආර්ථික රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන යටතේ අවධානය යොමුවන තවත් කරුණක් වන අතර, එය පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වනුයේ, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට තම දායකත්වය සඳහා පිළිගැනීමක් ලබා දෙමින් ආර්ථික සංවර්ධනයට දායක වීමට අවස්ථාව සලසා දීමයි. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා අංශය තුන් ආකාරයක උපාය මාර්ගයක් යෝජනා කරයි; එනම්, විදේශයන්හි සිටින සංක්‍රමණිකයන්, සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අවධානය යොමු කරමින්, නැවත සම්බන්ධ වීම, හඳුනා ගැනීම සහ නැවත පදිංචි කිරීම යන ක්‍රියාවලියයි. මෙම උපාය මාර්ගයෙන් එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් ආර්ථික, දේශපාලන, මහජන හා සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවය යන ප්‍රවේශයන් හතර හරහා සහ පුද්ගලාන්තර සබඳතා තුළින් සම්බන්ධ වනු ඇත.ඉහත කරුණු වලට අමතරව, මෙම අංශය පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර සමඟ නියැලී සිටී:

ද්විපාර්ශ්වික කටයුතු

රටවල් හා කලාප සම්බන්ධයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අවබෝධතා ගිවිසුම්/ගිවිසුම්වල සාකච්ඡා/කටයුතු අවසන් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සැලසීම, ආර්ථික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවලට (JCEC) සහභාගී වීම, වෙළඳ/ආයෝජන ආරවුල්, වෙළඳ ආශ්‍රිත වීසා බලපත්‍ර පිළිබඳ ගැටලු විසඳීම සහ සංචාරක උපදේශන වාර්තා නඩත්තු කිරීම සහ රේඛීය නියෝජිත ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඕනෑම අහිතකර උපදේශන මැඩපැවැත්වීමට කටයුතු කිරීම.

බහුපාර්ශ්වික කටයුතු

මෙම අංශයේ තවත් ප්‍රධාන ක්‍රියාකාරකමක් වනුයේ, සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර/අන්තර් රාජ්‍ය හා කලාපීය සංවිධාන සමඟ නියැලීම, පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මෙම සංසදවල දී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය සකස් කිරීම සහ පවරා ගන්නා ලද වගකීම් පිළිබඳව පසු විපරම් කිරීමයි. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර/අන්තර් රාජ්‍ය හා කලාපීය රැස්වීම් සංවිධානය කිරීමේ වගකීම ද මෙම අංශයට සතුව පවතී.අදාළ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් යුතුව, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන කිහිපයක් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාවල පසුපස හා ඉදිරි සම්බන්ධීකරණය මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ. මේවාට UNESCAP, WIPO, UNCTAD, WTO, IOM, WEF යනාදිය ඇතුළත් වේ.ආර්ථික කටයුතු අංශය, ආර්ථික හා උපායමාර්ගික සහයෝගීතාව පිළිබඳ පහත සඳහන් වැදගත් කලාපීය සංවිධානවල කේන්ද්‍රස්ථානය වේ:

  • ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමය (IORA)
  • ආසියා සහයෝගීතා සංවාදය (ACD)
  • බිම්ස්ටෙක්
  • කොළඹ සැලැස්ම

තාක්ෂණික සහයෝගීතාව

මෙම අංශය, ශ්‍රී ලංකාවේ රේඛීය නියෝජිතායතන සමඟ සහයෝගයෙන් යුතුව දකුණු සහ අග්නිදිග ආසියාවේ ඉලක්කගත රටවල් සඳහා නිපුනතාව සහ පුහුණුව ලබා දීම මෙන්ම, ධාරිතාව ඉහළ නැංවීම සඳහා විදේශීය ජාතිකයින්ගේ සහභාගීත්වයෙන් ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකත්වයට අදාළ මාතෘකා පිළිබඳ සංවාද/සාකච්ඡා පවත්වන අතර, එවැනි සංවාද/සාකච්ඡා වල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරයි.

විශේෂ වාර ව්‍යාපෘති

දැනට ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති පහත පරිදි වේ.

  • එක්ස්පෝ ඩුබායි 2020
  • තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs)

සෙසු නිලධාරීන්

අධ්‍යක්‍ෂ ජනරාල් (ද්විපාර්ශ්වික සහ ආර්ථික රාජතාන්ත්‍රික කටයුතු)

නම: ආචාර්ය ඒ. සජ්. මෙන්ඩිස් මහතා 
දුරකතනය : 0112 424 809
විද්‍යුත් තැපෑල saj.mendis(at)mfa.gov.lk

වැ.බ. අධ්‍යක්‍ෂ ජනරාල් (බහුපාර්ශ්වික)

නම: 
දුරකතනය : +94 112 325 356
ෆැක්ස් :
+94 112 422 644
විද්‍යුත් තැපෑල :
 

වැ.බ. අධ්‍යක්‍ෂ ජනරාල් (තාක්‍ෂණික සහයෝගිතා)

නම: එම්.කේ. මල්ලිකාරච්චි මහතා
දුරකතනය : +94 112 444 332
විද්‍යුත් තැපෑල manorie.mallikaratchy(at)mfa.gov.lk

 

අධ්‍යක්‍ෂ වැ.බ.(ආර්ථික කටයුතු ද්විපාර්ශ්වික)

නම : යූ.ඒ. රාසී මහතා
දුරකතනය : 0112 422 220
විද්‍යුත් තැපෑල : ahamed.razee(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : ඊ.එම්.එච්. අබේරත්න මහතා
දුරකතනය : +94 112 424 729
විද්‍යුත් තැපෑල :  economic(at)mfa.gov.lk 

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close