අතරමං වූ ධීවරයින්, නැවියන් හා යාත්‍රා

අතරමංවූ ධීවරයන් / කාර්ය මණ්ඩල සහ විදෙස් යාත්‍රා

ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රා වෙනත් රටවල මුහුදු සීමාවන්හි අතරමංව හෝ එම මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුළු වී අදාළ රටවල නාවික හෝ වෙරළාරක්ෂක බලධාරීන් විසින් රඳවාගෙන සිටින අවස්ථාවන්හීදී, යාත්‍රා සහ එහි කාර්ය මණ්ඩල නිදහස් කරගැනීමේ කාර්යය සුරක්ෂිත කිරීම සඳහා, කොන්සියුලර් අංශය දූත මණ්ඩල හරහා ඒ වෙනුවෙන් මැදිහත් වෙයි.

මේ සඳහා අත්‍යවශ්‍ය සහායක ලේඛන :

  • පැමිණිලිකරු / අයැදුම්කරු / ඥාතියෙකු / සමීප ඥාතියෙකුගේ අනන්‍යතාවය පිළිගත හැකි සාක්ෂියක්
  • ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපියක්

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close