විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශය

විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශය

ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල 67 කට අදාළ විදේශ වත්කම් කළමනාකරණය හා සංවර්ධනය කිරීම පිළිබඳ ප්‍රධාන වගකීම විදේශ වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශය සතුවේ. මෙම ප්‍රධාන වගකීම යටතේ, දූත මණ්ඩලයට අයත් දේපල සම්බන්ධ ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම්, එම අයත් දේපල හා සහ කුලියට ගත් දේපල නඩත්තු කිරීම සහ විදේශයන්හි දී රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් සිදු කිරීම සඳහා අවශ්‍ය සැපයුම් සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙම අංශය පුළුල් ලෙස නියැලී කටයුතු කරයි. මීට අමතරව, මෙම අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල තොරතුරු තාක්ෂණ සම්බන්ධ කටයුතු ද මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ.තවද, කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය සහතික කරමින් ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙම අංශය විසින් දූත මණ්ඩල මෙහෙයවනු ලැබේ. වත්කම්, වැට්බදු හා වෙනත් ගෙවීම් සම්බන්ධ සියලු චක්‍රලේඛ අනුගමනය කිරීමට සියලුම දූත මණ්ඩල අනුගත වන බවට මෙම අංශය අඛණ්ඩව සහතික වෙයි. මෙම අමාත්‍යාංශයේ අරමුදල් අර්ථවත් ලෙස උපයෝගී කර ගැනීමේ අරමුණින් යුතුව, වරින් වර පර්යේෂණ පැවැත්වීම සහ චක්‍රලේඛ නිකුත් කිරීම ද මෙම අංශය ඉටුකරන වැදගත් කාර්යයකි.

සෙසු නිලධාරීන්

වැ.බ. අධ්‍යක්‍ෂ ජනරාල් (විදේශ දූත මණ්ඩල වත්කම් කළමනාකරණ සහ සංවර්ධන)

නම : ප්‍රභාශිනී පොන්නම්පෙරුම මිය
දුරකතනය : +94 112 423 900
ෆැක්ස් : +94 112 424 689
විද්‍යුත් තැපෑල prabashini.ponnamperuma(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : සෙව්වන්දි ද සිල්වා මිය
දුරකතනය : +94 112 329 588
විද්‍යුත් තැපෑල :
sewwandi.desilva(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂිකා

නම : සමීර දයාසේකර මහතා
දුරකතනය : +94112 452 210
විද්‍යුත් තැපෑල : sameera.dayasekara(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : ඒ. වික්‍රමසිංහ මිය
දුරකතනය : +94 112 328 127
විද්‍යුත් තැපෑල : e6.oad(at)mfa.gov.lk

පෞද්ගලික සහකාර

නම : ශාමලී විජේරත්න මිය
දුරකතනය : +94 112 423 900
ෆැක්ස් :
+94 112 424 689

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close