අවිවාහකබව තහවුරු කෙරෙන සහතිකය

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • අවිවාහක බව සඳහා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ හැක්කේ විවාහවීමේ අනාගත අභිලාෂයක් ඇති අයැදුම්කරුට, ඔහුගේ / ඇයගේ මව පියා හෝ එම පවුලේම සහෝදර සහෝදරියන්ට පමණි. දිවුරුම් ප්‍රකාශයේ නම සඳහන් අයැදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍රයේ අංකය සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. ( විදේශිකයින්ගේ අවිවාහකබවේ සහතික සත්‍යාපනය කිරීම සඳහා පිළිගනු නොලැබේ.)
  • ශ්‍රී ලංකාවේ සිටි කාලය තුළ අවිවාහකව සිටීමට හේතු, විවාහවීමට කිසිඳු නීතිමය බාධාවක් නොමැති බව, විවාහ අපේක්ෂිත තැනැත්තා සහ පවුලේ සාමාජිකයන් අතර සම්බන්ධතාව යනාදී තොරතුරු දිවුරුම් ප්‍රකාශයට ඇතුළත් විය යුතුය. මෙම දිවුරුම් ප්‍රකාශය නීතිඥවරයෙක් හෝ සාම විනිසුරුවරයෙක් ඉදිරියේ ප්‍රකාශ විය යුතුය.
  • දිවුරුම් ප්‍රකාශයට අත්සන් තබා ඇත්තේ නීතිඥවරයෙකු හෝ අධිකරණ අමාත්‍යාංශයේ සාම විනිසුරු ශාඛාවේ බලයලත් නිලධාරියෙක් විසින් නම් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් සහතික කළ යුතුය.
  • විවාහ අපේක්ෂිත අයැදුම්කරුගේ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ සත්‍ය පිටපතක් දිවුරුම් ප්‍රකාශය සමඟ ඉදිරිපත් කළ යුතුය.
  • විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙම දිවුරුම් ප්‍රකාශය කොන්සියුලර් පනත යටතේ තමන් ජීවත්වන රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හමුවේ, බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ප්‍රකාශ කළ හැකිය.
  • දිවුරුම් ප්‍රකාශයේ ආදර්ශයක් මෙම කාර්යාලයේ වෙබ් අඩවියෙන් බාගත කළ හැකි අතර එසේ නැතිනම් මෙම කාර්යාලයේ දැන්වීම් පුවරුවෙන් පිටපත් කරගත හැකිය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302
ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close