වසන්ත සේනානායක

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා

වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලෙස 2019 මැයි මස 29 වැනි දින පත් කෙරුණි. 2010 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහුව එක්සත් ජාතික පක්ෂය විසින් 2014 වසරේදී වනජීවී හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් කරන ලදී. මෙම ධුර කාලයේදී පාරිසරික හා වනජීවී ගැටළු, විශේෂයෙන් දඩයම් කිරීම, වන විනාශය සහ නීති විරෝධී අලි ජාවාරම් සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ඔහු ක්‍රියාශීලීව කටයුතු කළේය. 2015 දී ඔහු ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 75,000 කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය.

 

 

 

 

Close