ලතින් ඇමරිකා සහ කැරිබියානු අංශය

ලතින් ඇමරිකා සහ කැරිබියානු අංශය

අමාත්‍යාංශයේ ලතින් ඇමරිකානු සහ කැරිබියානු අංශය, මෙම කලාපයේ රටවල් සමඟ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා හා සම්බන්ධ සියලු කටයුතු සම්බන්ධීකරණය කරයි.

ඇන්ටිගුවා සහ බාර්බුඩා, ආර්ජන්ටිනාව, බහමාස්, බාබඩෝස්, බෙලීස්, බොලිවියාව, බ්‍රසීලය, චිලී, කොලොම්බියාව, කොස්ටාරිකාව, කියුබාව, ඩොමිනිකා, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්‍රෙනාඩා ගෝතමාලාව, ගයනා, හයිටි, හොන්ඩුරාස්, ජැමෙයිකාව, මෙක්සිකෝව, නිකරගුවාව, පැනමාව, පැරගුවේ, පේරු, ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස්, ශාන්ත ලුසියා, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්, සුරිනාම්, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, උරුගුවේ සහ වෙනිසියුලාව යන රටවල් තිස්තුන(33) මෙම අංශය මගින් ආවරණය කරනු ලැබේ.   

ශ්‍රී ලංකාවට ලතින් ඇමරිකානු සහ කැරිබියානු කලාපයේ රටවල් සමඟ ශක්තිමත් හා සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට මෙම අංශය පහසුකම් සපයයි. මෙම කලාපයේ, එනම් බ්‍රසීලයේ හා කියුබාවේ පිහිටා ඇති නේවාසික ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල දෙක හරහා; එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ නේවාසික දූතමණ්ඩලය සහ නිව්යෝක්හි පිහිටි එක්සත් ජාතීන් සඳහා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා සහ මෙම කලාපයේ ශ්‍රී ලංකාවේ සමගාමී අක්තගැන්වීම හරහා  රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා සඳහා පහසුකම් සපයයි. කොළඹ පිහිටි බ්‍රසීලයේ සහ කියුබාවේ තානාපති කාර්යාල සමඟත් ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්තගන්වන ලද  නවදිල්ලියේ පිහිටි අනේවාසික ලතින් ඇමරිකානු සහ කැරිබියානු දූත මණ්ඩල සමඟත්, සන්නිවේදන කටයුතු සිදුකිරීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙසද මෙම අංශය කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු කලාපයේ රටවල් අතර සමීප වෙළඳ හා ආයෝජන සබඳතා, සම්බන්ධකතාවය, පුද්ගලාන්තර සම්බන්ධතා මෙන්ම අධ්‍යාපනය සහ විද්‍යාත්මක හා තාක්‍ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉලක්කගත පියවර ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම මෙම අංශය විසින් සම්බන්ධීකරණය කරන ලදී. ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම, ද්විපාර්ශ්වික ගිවිසුම් හා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම මෙන්ම කලාපය තුළ ශ්‍රී ලංකාවේ නියෝජනය වැඩි දියුණු කිරීමේ පියවර ගැනීම ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා හඳුනාගෙන ඇති යාන්ත්‍රණ අතර වෙයි.

 

සෙසු නිලධාරීන්

අංශ ප්‍රධානී - අධ්‍යක්ෂ ජනරාල්

නම : මනීෂා ගුණසේකර මෙය
දුරකතනය :+94 112 437 634
විද්‍යුත් තැපෑල : lac(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : මේධාවි පීරිස් මිය
දුරකතනය :
 +94 117 101 176
විද්‍යුත් තැපෑල :medhavi.pieris(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : දේවිකා විජේරත්න මිය
දුරකතනය :
 +94 117 101 179
විද්‍යුත් තැපෑල : 

පෞද්ගලික සහකාර

නම: ශශිකා තිලකවර්ධන මිය
දුරකතනය : +94 117 437  634
ෆැක්ස් : +94112 323 228
විද්‍යුත් තැපෑල : lac(at)mfa.gov.lk

 

ලතින් ඇමෙරිකාව සහ කැරිබියානු කලාපය

දුරකතනය : +94 117 024 897
ෆැක්ස් : +94112 323 228
විද්‍යුත් තැපෑල : lac(at)mfa.gov.lk

 

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close