දකුණු ආසියා සහ සාර්ක් අංශය

දකුණු ආසියා සහ සාර්ක් අංශය

දකුණු ආසියා සහ සාර්ක් අංශය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් හත සමඟ ද්විපාර්ශ්වික හා කලාපීය සබඳතාවලට අදාළ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරයි.
ඉහළ මට්ටමේ දේශපාලනික කටයුතු සඳහා අවශ්‍ය යෙදවුම් සපයන අතරම, කලාපයේ භූදේශපාලනික හා සමාජ-ආර්ථික කටයුතු පිළිබඳව සොයා බැලීම මෙම අංශයට පැවරී ඇත.
දේශපාලන, ආර්ථික, ආරක්ෂක, අධ්‍යාපනික සහ සමාජයීය යන ක්ෂේත්‍රයන්හි මෙම රටවල් පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට ද එය මඟ පෙන්වයි. ද්විපාර්ශ්වික හා කලාපීය නිරතවීම් හරහා තාක්ෂණික සහයෝගීතාව, සංවර්ධන ආධාර, ආයෝජන සබඳතා, සංචාරක කටයුතු හා සංස්කෘතික ප්‍රවර්ධනය පිළිබඳව කටයුතු කිරීම ද මෙම අංශයේ වගකීම්වල කොටසකි.
ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් 6 ක එනම්, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ පකිස්ථානය යන රටවල නේවාසික දූත මණ්ඩල පවත්වාගෙන යන අතර, චෙන්නායි හි එක් නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයක් සහ මුම්බායි සහ කරච්චිහි කොන්සල් කාර්යාල දෙකක් පිහිටුවා තිබේ.
සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුත් කලාපීය ආයතනයක් වන, කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සංගමයට (සාර්ක්) අදාළ කරුණු සම්බන්ධයෙන් ද දකුණු ආසියා සහ සාර්ක් අංශය කටයුතු කරයි.
සාර්ක් සංසදයේ සම්මතයන් හා ක්‍රියා පටිපාටිවලට අනුකූලව, සාර්ක් කටයුතු හා සම්බන්ධ රැස්වීම්වලට සහභාගී වීමට හා ඒවා පැවැත්වීමට ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතනවලට සහාය වීම සම්බන්ධයෙන් මෙම අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
සාර්ක් ආශ්‍රිත රැස්වීම්වලට සහභාගී වන ශ්‍රී ලාංකික නිලධාරීන් සහ නියෝජිතයින් සඳහා අවශ්‍ය සාර්ක් වීසා බලපත්‍ර මෙන්ම, හිමිකම් ඇති අනෙකුත් පුද්ගල කාණ්ඩ සඳහා වන වීසා බලපත්‍ර සම්බන්ධයෙන් ද මෙම අංශය කටයුතු කරයි.

සෙසු නිලධාරීන්

අංශ ප්‍රධානී

නම: චමරි රොඩ්රිගෝ මිය
දුරකතනය :+94 112 325 925
ෆැක්ස් :+94 115 339 521
විද්‍යුත් තැපෑල : dgsa(at)mfa.gov.lk

අධ්‍යක්ෂ

නම: එන්.එම්.එම්. ආනාස් මහතා
දුරකතනය: 0115 668 671
ෆැක්ස්: +94 115 339 521
විද්‍යුත් තැපෑල: mohamed.anas(at)mfa.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

නම : පී.එම්.එන්.එම්. ප්‍රේමතිලක මිය
දුරකතනය: +94 112 324 952
විද්‍යුත් තැපෑල : mahesh.premathilaka(at)mfa.gov.lk

සහකාර අධ්‍යක්ෂ

නම : හර්ෂා රූපරත්න මෙය 
දුරකතනය: +94  117 445 627
ෆැක්ස් : +94  115 339 521
විද්‍යුත් තැපෑල : harsha.ruparathne(at)mfa.gov.lk

ශාඛා ප්‍රධානී

නම : එච්.එම්.බී. හේරත් මයා 
දුරකතනය: +94  112 436 323
ෆැක්ස් : +94  115 339 521
විද්‍යුත් තැපෑල : dgsa(at)mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close