මරණ නොවන සිද්ධි සඳහා වන්දි මුදල් ගෙවීම

යෝග්‍යතාවය : ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්

අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය : කොන්සියුලර් අංශය වෙත පැමිණ භාරදිය හැකිය. නැතහොත් අවශ්‍ය තොරතුරු සමඟ අයදුම්පතක් තැපෑලෙන් එවිය හැකිය.

අයදුම්පත ලබාගත හැකි ස්ථාන:

කොන්සියුලර් අංශය,

2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැගිල්ල,

කොළඹ 01.

අයදුම්පත්‍රය සඳහා ගාස්තු අය නොකෙරේ.

අයදුම්පත භාරදිය හැකි වේලාව:   පෙ.ව. 8.30 – ප.ව. 3.00

මෙම සේවාව ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

මෙම සේවය ලබාදීම සඳහා ගතවන කාලය: අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාවලිය අවසන් වූ වහාම හෝ සේවායෝජකයා අදාළ සියළු නෛතික කටයුතු සම්පූර්ණ කළ වහාම.

මේ සඳහා අවශ්‍ය වන ලිපි ලේඛන : වාර්තාගත එක් එක් කාරණය අවස්ථානුකූලව එකිනෙකින් වෙනස් වන නිසා අයදුම්කරු/පැමිණිලිකරු/ඥාතියා කරුණු ඔප්පු කිරීමට අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ විෂය භාරව කටයුතු කරන නිලධාරියා හමුවිය යුතුය.  නිශ්චිත තොරතුරු සඳහා අදාළ වෙබ් අඩවිය බලන්න.

අයදුම්පත්‍රය:   පැමිණිලි කිරීම සඳහා, ඉල්ලීම් ලිපිය පමණක් අවශ්‍ය වේ.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

Close