විදේශ රටවල දී සිදුවන මරණ

මෘත දේහය ශ්‍රී  ලංකාවට ගෙන්වා ගැනීම.

යෝග්‍යතාවය:    ශ්‍රී  ලාංකිකයෙක් වීම, විදේශ ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකාවේ උපත ලද  පුද්ගලයෙකු වීම.

අයදුම්පත ඉදිරිපත් කරන ආකාරය:   කොන්සියුලර් අංශය වෙත සෘජුවම
                                                          රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2017 අනුව සියළුම ප්‍රාදේශීය හා
                                                          දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා

අයදුම්පත  ලබාගත හැකි ස්ථාන:

කොන්සියුලර් අංශය,
2 වැනි මහල, සෙලින්කෝ ගොඩනැඟිල්ල,
කොළඹ 01.

අයදුම්පත ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

අයදුම්පත/භාරදිය හැකි වේලාවන්:  සතියේ වැඩකරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා (නිවාඩු හා සති අන්ත දිනවලදී, අමාත්‍යාංශයේ කාර්ය භාර නිලධාරියාට අයදුම්පත භාරදිය හැකිය.

මෙම සේවාව සඳහා ගාස්තු අය නොකෙරේ.

මෙම සේවය ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛතා සේවය) :

  • විදේශීය සේවායෝජකයා හෝ අනුග්‍රාහකයා ලිපි ලේඛනවල කටයුතු නිමකළ වහාම
  • දින 3 – 15 ඇතුළත (සෞදි අරාබියේ සිට මෘතදේහ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී දීර්ඝ පටිපාටියක් අනුගමනය කිරීමට සිදුවන හෙයින් සති 2 – 3 ක් ගතවිය හැකිය.)

මෙහිදී අවශ්‍යවන ලේඛන:

  • මියගිය පුද්ගලයා පිළිබඳ විස්තර: (විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්, ජාතික හැඳුනුම් පත හා උප්පැන්න සහතිකය)
  • මෘතදේහය මෙහි ගෙන්වා ගැනීමට/ භූමදානය කිරීමට/ආදාහනය කිරීමට කැමැත්ත ලබාදෙමින් නීත්‍යානුකූල උරුමක්කාරයා විසින් ලබාදෙනු ලබන දිවුරුම් ප්‍රකාශය.‍
  • මියගිය පුද්ගලයා විවාහක නම් එම සබඳතාවය තහවුරු කිරීම සඳහා අයදුම්කරු/පැමිණිලිකරුගේ විවාහ සහතිකය හා උප්පැන්න සහතිකය. මියගිය පුද්ගලයා අවිවාහක නම් දෙමාපියන් විසින් අවශ්‍ය ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  • විදේශීය සේවායෝජකයා/ නියෝජිතයා සමඟ සම්බන්ධවිය හැකි විස්තර හා නම.
  • ශ්‍රී ලංකාවේදී මෘත දේහය භාරගන්නා පුද්ගලයා පිළිබඳ විස්තර
  • නමෙහි යම් වෙනසක් ඇත්නම් ඊට අදාළ ලේඛන අවශ්‍ය වනු ඇත.

විදේශීය රටවලදී සිදුවූ මරණ ලියාපදිංචි කිරීම

මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා, මරණ සහතිකය ලබාගැනීමට  කොන්සියුලර් අංශය හරහා ඉල්ලුම් කළයුතු අතර එහිදී පහත අවශ්‍යතා සපුරාලිය යුතුය.

  • සැකසුම් ගාස්තු ලෙස රු. 2, 170/- ක ගාස්තුවක් ගෙවා ලබාගන්නා කුවිතාන්සිය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ විදේශීය රට නිකුත් කළ මරණ සහතිකය, අවලංගුකළ විදේශ ගමන් බලපත්‍රය, මෘතදේහය භූමදානය කිරීම හෝ මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
  • අයදුම්කරු ළඟම ඥාතියා නොවන අවස්ථාවලදී, ළඟම ඥාතියාගේ අනුමැතිය අවශ්‍ය වේ.
  • මුදල් ගෙවා ලබාගත් කුවිතාන්සියද රැගෙන රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලය වෙත යායුතුය.
  • මරණ ලියාපදංචියට අදාළ ලේඛන, අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයට යොමුකරනු ලැබේ.
  • මරණ සහතිකයේ මුල් පිටපත කොන්සියුලර් අංශයෙන් ලබාගත හැකිය.
  • මරණ සහතිකයේ අමතර පිටපත්, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.

අයදුම්පත/පෝරමය බාගත කිරීම:

අයදුම්පත්‍රය:  Sinhala Tamil English

දිවුරුම් ප්‍රකාශය:  Sinhala Tamil English

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් සහතික කළ වෛද්‍ය වාර්තා පමණක් සත්‍යාපනය කෙරෙනු ඇත.
  • ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් සහතික කර ඇත්නම් පමණක් ආයුර්වේද වෛද්‍ය වාර්තා සත්‍යාපනය කිරීම සඳහා භාරගනු ඇත.

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close