ව්‍යාපාර/ සමාගම් හා සම්බන්ධ ලේඛන

කරුණාකර සැලකිලිමත් වන්න ඔබගේ ලේඛන සහතික කරගැනීමට අවශ්‍ය පොදු තොරතුරු ලබාගැනීම සඳහා මෙතැන ක්ලික් කරන්න.

අ. සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය

සමාගම් රෙජිස්ට්‍රාර් වෙතින් මෑතකදී ලබාගත් සත්‍ය බවට සහතික කරන ලද පිටපතක් සමඟ එහි මුල් ලේඛන හෝ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් හා මෑතක දී දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බදු ගෙවීම් සිදු කළ රිසිට්පත්වල මුල් පිටපත්ද සත්‍යාපනය කිරීම සඳහා ඉදිරිපත් කළ යුතුය.  සමාගම වෙනුවෙන් අත්සන් තැබූ නිලධාරියාගේ අනන්‍යතාව සහතික කිරීමට අවශ්‍ය වන ලේඛනයක් ලෙස, සමාගම් රෙජිස්ට්‍රාර් මඟින් සහතික කළ අංක 20 දරණ ආකෘති පත්‍රය ද (Form 20)  මේ සමඟින් ඉදිරිපත් කළ යුතුය.

 

ආ. ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික

ඒක පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික සත්‍යාපනය කිරීම සඳහා එම සහතිකයෙහි මුල් පිටපතද සමඟින්  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා මඟින් නිකුත් කරන ලද පිටපතක් හා මෑතකදී ගෙවීම් සිදුකළ මුදල් කුවිතාන්සියක් ඉදිරිපත් කළ යුතුය.

ඇ. සංගම් වගන්ති හෝ සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා

සමාගමක සංගම් වගන්ති හෝ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා සත්‍යාපනය කිරීම සඳහා අයදුම්කරුට පහත සඳහන් ක්‍රමවේදයන් දෙකින් එකක් අනුගමනය කළ හැකිය.

  • සංගම් වගන්ති හෝ සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා, සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි/ වාර්තා කළ යුතු අතර, සත්‍යාපනය කිරීම සඳහා ලියාපදිංචි කළ එම ලේඛනයන්හි සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ සහතිකය සමඟ සමාගමේ නීති නිලධාරී/ සමාගම් ලේකම් (නීතීඥවරයෙක්) ඉදිරියේ අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් අත්සන් තැබූ සංගම් වගන්ති/ සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවල මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.

සටහන: ඉහතින් සඳහන් අවස්ථාවන් දෙකෙහිදීම සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකය මෙන්ම අංක 20 දරණ ආකෘති පත්‍රයද තහවුරු කිරීමේ ලේඛන ලෙස ඉදිරිපත් කළ යුතුය.

 

ඈ. අංක 20 දරණ ආකෘති පත්‍රය (Form 20)

සමාගමක අංක 20 දරණ ආකෘති පත්‍රය සහතික කිරීම සඳහා අයදුම්කරු සමාගම් රෙජිස්ටාර් විසින් නිකුත් කළ අංක 20 දරණ ආකෘති පත්‍රයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.

සටහනසමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයද ඒ සමඟ ඉදිරිපත් කළ යුතුය.

 

ඉ. විගණන ගිණුම් වාර්තා (Audited Accounts Reports)

සමාගමක විගණන ගිණුම් වාර්තා වරලත් ගණකාධිකාරීවරයෙක් අත්සන් කළ යුතු අතර ඔහු/ ඇයගේ අත්සන ඔහුට/ ඇයට වරලත් ගණකාධිකරණ බලපත්‍රය නිකුත් කළ ආයතනය (උදා-: ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය) සහතික කළ යුතුය.

සත්‍යාපන කටයුතු සඳහා කලින් වේලාවක්  වෙන්කරවා ගැනීම

කොන්සියුලර් (ප්‍රදූත) කටයුතු අංශය
දෙවැනි මහල,
සෙලින්කෝ ගොඩනැඟිල්ල

ජනාධිපති මාවත
කොළඹ 01
ශ්‍රී ලංකාව

දුරකතන :
+94 112 338 812 / +94 112 446 302

ෆැක්ස් : +94 112 473 899
විද්‍යුත් තැපෑල : consular@mfa.gov.lk

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close