ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ නියැලෙන කටයුතුවල දී ආර්ථික සංවර්ධනය හා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මෙහෙයුමට නව ජවයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ නියැලෙන කටයුතුවල දී ආර්ථික සංවර්ධනය හා තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මෙහෙයුමට නව ජවයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කෙරේ

DSC_6604

දැනට ශ්‍රී ලංකාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය 2019 දෙසැම්බර් 20 වැනි සිකුරාදා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැදුටුවාය.

නිදහස් හා සාධාරණ මැතිවරණයකින් අනතුරුව තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය සිය සුබ පැතුම් එක් කළාය. සාර්ථක ධූර කාලයක් සඳහා අමාත්‍ය ගුණවර්ධන මහතාට සහ නව රජයට ද ඇයගේ සුබ පැතුම් පිරිනැමුවාය. නව රජය විසින් ආර්ථික සංවර්ධන මෙහෙයුම ඉදිරියට ගෙන යාම කාලෝචිත වන බව ඇය පැවසුවාය. ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධන කාණ්ඩයෙහි ලැයිස්තුගත කර ඇති මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවෙන් මනාව පිළිබිඹු වන පරිදි, කැලඹිලි සහිත කාල පරිච්ඡේදයන්ට ඔරොත්තු දීම සඳහා මෙරටට ඇති හැකියාව ඇය පැසසුමට ලක් කළාය.

මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉහළම නිලධරයා බවට පත්ව සිටින සහකාර මහලේකම් විග්නරාජා මහත්මිය, සිය උසස් තනතුරට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා කියා සිටියේ රජය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ දී සංවර්ධනය ප්‍රමුඛ විය යුතු බවයි. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය සහ තිරසර සංවර්ධන ඉලක්ක ජාතික අයවැයේ හා සැලසුම්කරණයේ හරය වනු ඇති බව ඔහු අවධාරණය කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය, ජාතික දත්ත ගබඩා කිරීම සඳහා ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය අංශයේ කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මඟින් ලබා දෙන සහාය එතුමා තවදුරටත් පැසසුමට ලක් කළේය.

විදේශ සබඳතා ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය

කොළඹ

2019 දෙසැම්බර් 20

DSC_6617 DSC_6619 DSC_6625
Print Friendly, PDF & Email
Please follow and like us:

Close