ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ. අසීස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේ දී කළ ප්‍රකාශය - 11 සැප්තැම්බර් 2019

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ. අසීස් මැතිතුමා මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසියේ දී කළ ප්‍රකාශය – 11 සැප්තැම්බර් 2019

සභාපතිතුමනි,

මීට මාස 4 කට ඉහත දී පාස්කු ඉරුදින එල්ල වූ පිළිකුල් සහගත ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මහත් අභියෝගයකට ලක් විය. කෙසේ වෙතත්, මෙම කවුන්සිලය ඉදිරියේ ලබා දී ඇති පොරොන්දුවලට අනුකූලව, රට හා එහි ජනතාව ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ඊට අඛණ්ඩව මුහුණ දුන් ආකාරය අපි දුටුවෙමු. රටේ සමාජ-ආර්ථික ව්‍යුහයට ඇතිවන බලපෑම අවම කරමින් හා රටේ ජාත්‍යන්තර කීර්ති නාමය ඉහළට ඔසවා තබමින් රටේ ආරක්ෂාව ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම, මාස 4 ක් ඇතුළත දී හදිසි නීති තත්ත්වය ඉවත් කිරීම, රඳවා ගනු ලැබූ පුද්ගලයන් වෙතට පූර්ණ ප්‍රවේශයක් ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට ලබා දීම, නව ත්‍රස්ත මර්දන පනත වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව දැනුවත් විවාදයක නිරත වීම හා මුස්ලිම් ප්‍රජාවගේ සංවේදීතාවන්ට ගරු කරමින්, සම්පූර්ණ මුහුණ ආවරණය කරන ඇඳුම තහනම් කිරීමේ රෙගුලාසිය යළි සැකසීම වැනි පුළුල් පරාසයක් ඔස්සේ මෙම කරුණු විහිදී ඇත. වෛරී ප්‍රකාශ සහ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට එරෙහි සියලු ආකාරයේ අපරාධවලට විරුද්ධව සටන් කිරීමට රජය කැපවී සිටින අතර, ආගමික රැඩිකලීකරනයට සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ද පියවර ගනිමින් සිටී.

මෑතකදී සිදුකරන ලද යුද හමුදාපතිවරයාගේ පත් කිරීම පිළිබඳව සැලකීමේ දී, එය රාජ්‍ය නායකයා විසින් ගන්නා ලද ස්වෛරී තීරණයක් බව සඳහන් කළ යුතුව ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයෙහි උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලීන් කෙරෙහි බලපෑම් කිරීම සඳහා වන බාහිර උත්සාහයන් යුතු නොවන අතර, ඒවා අපට පිළිගත නොහැකි ය. චෝදනා මත පදනම්ව සිටිමින්, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර කොටස් විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු අවස්ථාවක් ලෙස පෙන්වා දීම කණගාටුවට කරුණක් වන අතර, එය ස්වාභාවික යුක්තිය පිළිබඳ මූලධර්මවලට ද පටහැනි වේ.

 

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close