ලතින් ඇමරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද ප්‍රචාරණ වැඩසටහන

ලතින් ඇමරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා පවත්වන ලද ප්‍රචාරණ වැඩසටහන

‘ලතින් ඇමරිකාව තුළ ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම’ නමින් බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට ක්‍රියාත්මක කරන ප්‍රචාරණ වැඩසටහනේ  කොටසක් ලෙස, බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මැතිතුමා, බ්‍රසීලයේ සුප්‍රකට නිවේදක විලියම් ඊ ඕ මුන්ඩෝ මහතා සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී විය.

විනාඩි 30ක් මුළුල්ලේ මෙම සාකච්ඡාව පැවති දීර්ඝ ගුවන් කාලය තුළ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ හඳුනාගත හැකි විවිධත්වය සහ සුවිශේෂීත්වය පිළිබඳව තානාපතිවරයා විසින් විස්තර කරන ලදී.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ තානාපති සුමිත් දසනායක මැතිතුමා වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව බ්‍රසීල ජාතිකයන්ට සහ දකුණු ඇමරිකානුවන්ට ශ්‍රී ලංකාව තුළ පවතින අවස්ථා පිළිබඳව ද අවධාරණය කළේ ය.

මෙහිදී ලංකා තේ කර්මාන්තය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර ලංකා තේ කෝප්පයක් පිළියෙළ කරන ආකාරය පිළිබඳව සිදු කළ ඉදිරිපත් කිරීමක් ද ඊට ඇතුළත් විය. නුවරඑළිය, උඩ පුස්සැල්ලාව, දිඹුල, ඌව, මහනුවර, සබරගමුව සහ රුහුණ ආදී  ශ්‍රී ලංකාවේ භූගෝලීය කලාප නියෝජනය කරන ප්‍රදේශවල විවිධ ලංකා තේ සාම්පල මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථානවල ඡායාරූප ද මෙම වීඩියෝවේ ඇතුළත් වේ.

වීඩියෝව: https://drive.google.com/file/d/11lbQpZJdejD1zvYdJcap2xtekSHvcTv4/view?usp=drive_web

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බ්‍රසීලය

2023 ජනවාරි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close