රාජ්‍ය අමාත්‍ය, විදේශ කටයුතු අමාත්‍යාංශය

ගරු තාරක බාලසූරිය මැතිතුමා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

ගරු තාරක බාලසූරිය මැතිතුමා 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 08 වැනි දින විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දෙවැනි වරට තේරී පත් වූ ගරු රාජ්‍ය අමාත්‍යවරයා, ආයතනික අංශයේ වෘත්තිකයෙක්ව සිට, පසුව දශකයකට ආසන්න කාලයක් පුරා දේශපාලන කටයුතුවල නියැලී ඇත. එතුමා 2022 වර්ෂයේ අගෝස්තු මස 12 වැනි දින සිට 2022 වර්ෂයේ මැයි මස 09 වැනි දින තෙක් කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සේවය කළේ ය.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා 2015 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී නව රජය පිහිටුවීමත් සමඟ සමාජ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවී ය. තවද එතුමා 2022 වර්ෂයේ මැයි මස තෙක් කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය ධුරය දැරී ය.  ඊට පෙර, එනම් 2012 වර්ෂයේ දී එතුමා සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

2012 වර්ෂයේ දී දේශපාලනයට පිවිසීමට පෙර ශ්‍රී ලංකාවේ විශාලතම රක්ෂණ සමාගමක සේවය කළ එතුමා, සමාගම් ව්‍යාපාර ප්‍රධානියකු ලෙස සේවය කරමින් සිටිය දී එම වෘත්තීයෙන් සමුගත් අතර, රක්ෂණ හා බැංකු ක්ෂේත්‍රවල පසළොස් වසරක ආයතනික පළපුරුද්දකට ද හිමිකම් කියයි.

විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන් ගණිතය හා ආර්ථික විද්‍යාව ප්‍රධාන විෂයයන් වූ කලාවේදී උපාධියක් ලබාගෙන ඇති මෙතුමා, කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා තිබේ. එතුමා සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ජාත්‍යන්තර පාසැලෙනි.

වර්ෂ 1974 අප්‍රේල් 16 වැනි දින ජර්මනියේ උපත ලැබූ බාලසූරිය මැතිතුමා සුප්‍රසිද්ධ දේශපාලන පවුලකින් පැවත එයි. එතුමාගේ පියා හිටපු කැබිනට් අමාත්‍යවරයකු සහ  උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයකුද වන ආචාර්ය ජගත් බාලසූරිය මැතිතුමා වන අතර, මව දකුණු පළාත් ආණ්ඩුකාරවරියක ලෙස සේවය කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ පී. බී. බාලසූරිය මැතිතුමා එතුමාගේ මුත්තනුවන් වෙයි. ගරු රාජ්‍ය අමාත්‍යවරයා, මලින්තා බොලොන්ඥේ මැතිනිය සමඟ විවාහ වී සිටින අතර කුඩා දියණියන් දෙදෙනෙකුගේ පියෙකු ද වේ. 

Print Friendly, PDF & Email

ප්‍රකාශන හිමිකම © 2020. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය. සියලුම හිමිකම් ඇවිරිණි. වැඩි දියුණු කරන ලද්දේ Theekshana R&D

Close