ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස්වරයා අභිනවයෙන් පත් වූ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා 2022 ජූලි 26 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී, ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන්  පත් වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ මහ කොමසාරිස්වරයා, වත්මන් ආර්ථික අභියෝග හමුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙන සහය පිළිබඳව විදේශ අමාත්‍යවරයා දැනුම්වත් කළේ ය. විශේෂයෙන්ම මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා ඉන්දීය ජනතාවට සහ ඉන්දීය රජය වෙත සිය ස්තූතිය පළ කළේ ය.

දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික නිරතවීම්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍ය සබ්‍රි මැතිතුමා සහ මහ කොමසාරිස්වරයා,  දෙරට අතර පවත්නා  බහුවිධ සහයෝගීතාව පිළිබඳව තෘප්තියට පත්වන බවද අවධාරණය කළහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූලි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close