මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමන ලද ඇමරිකානු ඩොලර් 17,550 ක පරිත්‍යාගය

මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් ශ්‍රී ලංකා රජය වෙත පිරිනමන ලද ඇමරිකානු ඩොලර් 17,550 ක පරිත්‍යාගය

ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් 2023 ජනවාරි 26 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත ඇමරිකානු ඩොලර් 17,550 ක මුදලක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 6,521,580 ක්) පරිත්‍යාග කරන ලදී.

මෙම මූල්‍ය පරිත්‍යාගය යැන්ගොන් හි ලොට් හෝටලයේ පැවති වැඩසටහනක් අතරතුර අතිපූජ්‍ය අවුන්ග් සා බූ සයදාව් හිමිපාණන්ගේ 60 වැනි ජන්ම දිනයට පෙර දින දින සිදු කරන ලද පුණ්‍යශීලී පරිත්‍යාගයක් වශයෙන් මියන්මාරයේ අවුන් සා බූ ආරාමයේ නායක ස්වාමීන්ද්‍රයන් වන අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ, අතිපූජ්‍ය අවුන් සා බූ සයදාව් හිමිපාණන් විසින් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

මෙම පරිත්‍යාගය භාර ගත් තානාපති ජනක බණ්ඩාර මැතිතුමා අතිපූජ්‍ය මියන්මාරයේ අවුන්ග් සා බූ සයදාව් හිමිපාණන් වෙත  සිය හෘදයාංගම හා අවංක කෘතඥතාව පුද කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

යැන්ගොන්

2023 පෙබරවාරි 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close