ශ්‍රී ලංකාව සඳහා කටාර් රාජ්‍යයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

ශ්‍රී ලංකාව සඳහා කටාර් රාජ්‍යයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම

Image 01

කටාර්  රාජ්‍යයේ රජය විසින් ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, තානාපති රාෂිඩ් බින් ශෆීයා අල්-මාරී මැතිතුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන්, ශ්‍රී ලංකාව සඳහා කටාර්  රාජ්‍යයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස ජාසිම් බින් ජාබීර් ජේ.බී. අල්-සුරූර් මැතිතුමා පත් කරනු ලැබ ඇත. 2020 ජනවාරි 20වැනි දින පෙ.ව. 10.30ට කොළඹ 01 පිහිටි ජනාධිපති මන්දිරයේ දී එතුමා විසින් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිරිනමන ලදී.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ 01
2020 ජනවාරි 20 වැනිදා

 

Group Photo

Print Friendly, PDF & Email
Please follow and like us:

Close