ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 මාර්තු 08 වැනි දින බේරූට් හි ග්‍රෑන්ඩ් සරෙයිල්හි දී ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි මැතිතුමා හමුවිය.

ජයවීර මැතිතුමා මෙම හමුව අතරතුර, ආර්ථික පුනර්ජීවනය සහ එහි ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකා රජය සතු ප්‍රතිපත්තිය මෙන්ම, ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර දේශපාලන සහ වෙළෙඳ සහයෝගිතාව පැවැත්වීම සඳහා ඇති ක්‍රමවේද පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කළේ ය.

දිගුකාලීන ශ්‍රී ලංකා - ලෙබනන ද්විපාර්ශ්වික සබඳතා පැසසූ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි මැතිතුමා, ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අවධානයට ලක්විය යුතු කරුණු සඳහා සහය ලබා දීමටත්, අනාගතයේ දී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට සහය වන බවටත් සහතික විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

 

2023 මාර්තු 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close