අප පරිභෝජනයට ගන්නා ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම පරිසරය ද සුරක්ෂිත කරන අතරතුර බිලියන 8 ක මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අවධාරණය කරයි

අප පරිභෝජනයට ගන්නා ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම පරිසරය ද සුරක්ෂිත කරන අතරතුර බිලියන 8 ක මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අවධාරණය කරයි

ජයිලින් හරිත කෘෂිකර්මාන්ත සංසදය (Jilin Green Agriculture Forum) ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කර්මාන්ත ආශ්‍රිත කෘෂිකර්මාන්ත භාවිතයන් හේතුවෙන් පරිසරයට සහ මිනිස් සෞඛ්‍ය සඳහා එල්ල වී ඇති දැඩි හානි සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකසන්නන් සිය අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේය. එමෙන්ම, වර්තමානය වන විට ලොව වෙසෙන බිලියන 8 ක් වූ මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව ද එතුමාගේ අවධානයට යොමු විය.  එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනට අනුව, මිලියන 836 ක් වූ පිරිසක් ආහාරය සඳහා කිසිවක් නොමැතිව සෑම දිනකම නින්දට යති. මෙම අභියෝගය සඳහා ගත යුතු විසඳුම වන්නේ, විද්‍යාත්මකව යොදාගන්නා රසායනික ද්‍රව්‍ය, පොසිල ඉන්ධන කෙරෙහි අවම වශයෙන් විශ්වාසය තබා කටයුතු කරමින් උපරිම ඵලදායිතාව සහ මානව සෞඛ්‍ය පවත්වාගෙන යාමයි. මෙය යතාර්ථයක් බවට පත් කළ හැකි බව චීනයේ ජයිලින් පළාත විදහා දක්වා ඇත. චීනය එරට තුළ අන්ත දරිද්‍රතාව තුරන් කොට ඇත. මින් අදහස් කෙරෙන්නේ, එරට කිසිවකු කුසගින්නෙන් නොසිටින බවයි.

ඉතා අවම වශයෙන් රසායනික දූෂණයට ලක් වන ආකාරයට චීන රජය සහ චීනයේ ගොවියන් විසින්සුරක්ෂිත කරනු ලබන ඉතා වටිනා කළු පසක් සහිත ප්‍රදේශ හතර අතරින් එක් ප්‍රදේශයක් ලෙස ජයිලින් පළාත පිළිගැනීමට පාත්‍ර වේ.

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සහ මුහුදුමට්ටම ඉහළයාම හේතුවෙන් පමණක් නොව,පැරිස් සම්මුතිය යටතේ රාජ්‍යයන් සිය භාරදූර කර්තව්‍යයක් ලෙස සලකමින් භාරගත් නීතිමය බැඳීම්කරණ කොටගෙන,කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නාපොසිල ඉන්ධන මූලයන් අවම වශයෙන් භාවිතා කිරීමේ අවශ්‍යතාවයද ආචාර්ය කොහොන මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගතය ඔස්සේ එල්ල වන බලපෑම්, යුක්රේනයේ යුද්ධය සහ විවිධ රටවලට බලපාන මූල්‍ය අර්බුදය යනාදී කරුණු හේතුවෙන් වර්තමානය වන විට ගෝලීය ආහාර අර්බුදය උග්‍ර අතට හැරී ඇත. වර්තමානයේ දී අප ගන්නා තීරණ මත, අපගේ මිහිතලයේ සහ අනාගත පරම්පරාවන් හි යහපැවැත්ම තීරණය වේ.

පොහොර සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්බන්ධයෙන් පවතින හිඟය හේතුවෙන් උග්‍ර වී ඇති ආහාර හිඟය ද ඇතුළුව, ශ්‍රී ලංකාව වර්තමානයේ දී මුහුණ දෙන අර්බුද අවම කරගැනීම සඳහා සහය අවශ්‍ය වේ. කෙසේ වුවද, ප්‍රධාන ආහාර යවන සහල්වලින් සැලකියයුතු අන්දමින් ස්වයංපෝෂිතව පැවති රටක් වන ශ්‍රී ලංකාව, මේ වන විට පවතින දැඩි අසීරුතා අවම කරගැනීමෙන් පසුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කළහැකිය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 අගෝස්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close