වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය  නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය  එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 8ක වටිනාකමින් යුත්  අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය  නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය  එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 8ක වටිනාකමින් යුත්  අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි

එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙම ඖෂධ තොගය බෙදාහැරීමේ අරමුණින් 2022 ජූලි 13 වැනි දින එය සුරක්ෂිතව භාරගත්හ.මින් ඉදිරියට දක්‍රියාත්මක වූ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල්  සංවිධානය, තානාපති මහින්ද සමරසිංහ මැතිතුමාගේ සහය ඇතිව, ඇමරිකානු ඩොලර් 8,222,898.78 ක (රු. 3,042,061,403.66) වටිනාකමින් යුත්, අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර රැගත් දෙවැනි තොගය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පිරිනැමීම සඳහා අවශ්‍ය සියලුම රාජ්‍ය අනුමැතියන් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ හිඟව ඇති සහ කඩිනමින් අවශ්‍ය කෙරෙන ඇමොක්සිලින්, පොටෑසියම් ක්ලෝරයිඩ්, පෙනිසිලින් සහ වෙන්ලෆැක්සීන් වැනි අත්‍යවශ්‍ය වේදනා නාශක සහ ප්‍රතිජීවක විශාල ප්‍රමාණයක් ඇතුළත් ඖෂධ මෙම පරිත්‍යාගයට ඇතුළත් වේ.හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය මේ වන විට ඇමරිකානු ඩොලර් 9,131,445.78 ක (රු. 3,378,178,366.311) වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර මෙරටට පිරිනැමීම සඳහා පූර්ණ දායකත්වය ලබා දී ඇත.

2022 ජූලි 20 වැනි දින හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් හි ප්‍රධාන විධායක නිලධාරී කිම් කැරොල් මහතා හමුවූ තානාපතිවරයා,මෙම තීරණාත්මක මොහොතේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ඖෂධ නොමසුරුව පරිත්‍යාග කිරීම සඳහා කටයුතු කළ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය වෙත සිය අවංක කෘතඥතාව පළ කළේය. දෙවැනි ඖෂධ පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වොෂින්ටන් ඩී.සී. හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ගුවන් ගමන් පහක් ඔස්සේ කොළඹට එවීමට නියමිතය.පළමු පරිත්‍යාගය මෙන්ම, මෙම පරිත්‍යාගයට අදාළ සියලුම වියදම් හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් දරනු ලැබේ.මෙම ඖෂධ තොගය නියමිත කාලයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව අතරනොමිලේ සහ කඩිනමින් බෙදාහැරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලැබේ.

කැන්සාස් හි ලෙනෙක්සා හි පිහිටි හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් ආයතනය (HHI) සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වූ ප්‍රවේශය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනගෝලීය මානුෂීය සංවිධානයකි. 1992 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම සංවිධානය, එක්සත් ජනපදය ඇතුළු රටවල් 130කට වඩා අධික සංඛ්‍යාවකට ඇමරිකානු ඩොලර්බිලියන 2.4ක වටිනාකමින් යුත් වෛද්‍ය ආධාර සහ සැපයුම් ලබා දී ඇත. මෙමසංවිධානය වෛද්‍ය සහන සැපයීමෙන් සහ ස්වේච්ඡා සේවකයන් බලමුලු ගැන්වීම මගින්දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ස්වභාවික විපත් හමුවේ සිය සහය ලබා දෙයි. මෙමසංවිධානය තරු 4 Charity Navigator පුණ්‍යායතනයක් සහ BBB සහතිකය ලත්පුණ්‍යායතනයක් වන"Philanthropy 400"  ට ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය                                                                                                             හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල්

වොෂින්ටන් ඩී. සී.                                                                                                                              කැන්සාස්

 2022 අගෝස්තු 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close