චීනයේ හිටපු ජනාධිපති ජියැං ෂෙමින් මැතිතුමාගේ අභාවය

චීනයේ හිටපු ජනාධිපති ජියැං ෂෙමින් මැතිතුමාගේ අභාවය

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීනයේ හිටපු ජනාධිපති ජියැන්ග් ෂෙමින් මැතිතුමාගේ අභාවය සම්බන්ධයෙන් සිය සාතිශය ශෝකය පළ කර සිටියි. චීනයේ කැපී පෙනෙන නායකයෙකු වූ එතුමා, සිය ජනතාවගේ අවංක ආදරය හා ගෞරවය ලද පාලකයෙකි.

චීනයට ඉමහත් ද්‍රව්‍යමය ප්‍රතිලාභ ගෙන දුන්, චීන ලක්ෂණ සහිත සමාජවාදී ප්‍රතිපත්තියට කැපවූ නායකයෙකු ලෙස සැලකිය යුතු බලපෑමක් එල්ල කළ එතුමා, චීන ජනතාව සහ සිය ගෝලීය මිත්‍ර පාර්ශ්ව විසින් චිරාත් කාලයක් සිහිපත් කෙරෙනු ඇත.

මහ කොළඹ ආර්ථික කොමිසම (GCEC) අධ්‍යයනය කිරීමේ අරමුණින් 1980 සැප්තැම්බර් මස ශ්‍රී ලංකාව තුළ දින 5ක සංචාරයක නිරත වූ දූත පිරිසට නායකත්වය ලබා දුන්නේ  හිටපු ජනාධිපති ජියැන්ග් මැතිතුමා ය. පසුව චීනය එම වසරේම ෂෙන්සෙන් නගරය නිර්මාණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ජයවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ආර්ථික ලිබරල්කරණ ආකෘතිය සිද්ධි අධ්‍යයනයක් ලෙස භාවිතා කළේ ය. හිටපු ජනාධිපති ජියැන්ග් මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණෙන විට චීනයේ යොවුන් ඉංජිනේරුවෙකු සහ උප අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේ ය.

චීන ආර්ථිකය ලෝකයට  විවෘත කිරීම හේතුවෙන්  සාධනීය ප්‍රතිඵල හිමි වූ අතර, එමඟින් චීනය නූතන යුගයට ප්‍රවිශ්ඨ විය.

එතුමා චීන කොමියුනිස්ට් පක්ෂයේ තුන්වැනි පරපුරේ මධ්‍යම සාමූහික නායකත්වයේ කේන්ද්‍රස්ථානයක් හිමිකර ගත් අතර,  Theory of Three Represents න්‍යායේ ප්‍රධාන නිර්මාතෘවරයා ද විය. චීනය ලෝක වෙළඳ සංවිධානය වෙත ප්‍රවේශ කිරීමේ ප්‍රයත්නය මෙහෙයවීම සඳහා ද  එතුමා මූලිකත්වය ගෙන කටයුතු කළේ ය.

මෙම ශෝක කාලය හමුවේ චීන රජයට සහ එහි ජනතාවට අපි අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටින්නෙමු.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2022 දෙසැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close