චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය නත්තල් උත්සවය සමරයි

දකුණු ඉන්දියාව සඳහා වූ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය 2022 දෙසැම්බර් 16 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී නත්තල් උත්සවය සැමරී ය.

නත්තල් පණිවිඩය ප්‍රකාශ කිරීමට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද කිරීම සඳහා ගරු වී. එස්. විජයකුමාර් පූජකතුමන්ට ආරාධනා කරන ලදී. ජනප්‍රිය කථිකයකු වන බී.එච්. අබ්දුල් හමීඩ් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර පුතුයිර් හි C.S.I විශේෂ පාසලේ ගුරුවරුන් සහ සිසුන්ට ද නත්තලේ සතුට බෙදාගැනීමට ආරාධනා කරන ලදී. පිරිමි ගායනා කණ්ඩායමක් වන ද ලූතරන් මෙන්ස් වොයිස් (The Lutheran Men’s Voice) ගායනා කණ්ඩායම, විශේෂ පාසලේ සිසුන්, දූත මණ්ඩල කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් විසින් නත්තල් කැරොල් ගායනා ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය

චෙන්නායි

2022 දෙසැම්බර් 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close