සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබියේ “සෞදි හරිත” හා “මැද පෙරදිග හරිත” වැඩසටහනට ශ්‍රී ලංකාව සුබ පතයි

සෞදි අරාබි රාජධානියේ ‘සෞදි හරිත’ හා ‘මැද පෙරදිග හරිත වැඩසටහනේ’ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සුබ පතන බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. සෞදි අරාබිය ඇතුළු කලාපය මුහුණ දෙන පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා කලාපීය සහයෝගය ලබා දීම යුතුකමක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

කලාපයේ කාබන් විමෝචනය සියයට 60 කින් අඩු කිරීමේ අභිලාෂයෙන් යුත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ඉතා උනන්දුවෙන් අනුගමනය කරනු ඇති අතර, මෙම වැඩසටහන්වල අරමුණ වන සමුද්‍රීය හා වෙරළබඩ පරිසරය ආරක්ෂා කිරීම දූපත් ජාතියක් වශයෙන් අපගේ හදවතට වඩාත් සමීප බවද, වර්තමානයේ ගෝලීය දේශගුණික විපර්යාසයේ නැගී එන කටුක යථාර්ථයන් ශ්‍රී ලංකාව ද අත්විඳිමින් සිටීන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සියලු මනුෂ්‍ය වර්ගයාට බලපාන දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා මූලිකත්වය ගන්නා රටක් ලෙස සෞදි අරාබි රාජධානිය බිහි වෙමින් පවතින බව දැකීම සතුටට කරුණකි.

ශ්‍රී ලංකාව සෞදි අරාබි රාජධානිය සඳහා සිය සහයෝගය ප්‍රකාශ කරන අතර දේශගුණික විපර්යාස සමඟ කටයුතු කිරීම සඳහා අපගේ පොදු ප්‍රවේශය තුළ රාජධානිය සමඟ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close