මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයින් ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී

මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක සහ හිටපු මාලදිවයිනේ ජනාධිපති ගරු මොහොමඩ් අබ්දුල්ලා නෂීඩ් මැතිතුමාට එරෙහිව 2021 මැයි 06 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙළා දකී.

මෙම අතිශය තීරණාත්මක අවස්ථාවේ දී, මාලදිවයින් ජනතාව සහ රජය සමඟ සහයෝගීතාව ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා ජනතාව සහ රජය එක්වන අතර, සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දකී.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 07 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close