ශ්‍රී ලංකාව‍ එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදයේ (UNWG) 2022- ජාත්‍යන්තර පුණ්‍ය සල්පිලේ දී හස්ත කර්මාන්ත, ලංකා තේ සහ සූප ශාස්ත්‍ර කලාව ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකාව‍ එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදයේ (UNWG) 2022- ජාත්‍යන්තර පුණ්‍ය සල්පිලේ දී හස්ත කර්මාන්ත, ලංකා තේ සහ සූප ශාස්ත්‍ර කලාව ප්‍රදර්ශනය කරයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සහ තවත් තානාපති කාර්යාල සහ නිත්‍ය දූත මණ්ඩල කිහිපයක්, 2022 දෙසැම්බර් 3 වැනි දින වියානා හි එක්සත් ජාතීන්ගේ කාන්තා සංසදය විසින් සංවිධානය කරන ලද UNWG ජාත්‍යන්තර පුණ්‍ය සල්පිල - 2022 සඳහා සහභාගී විය.

වසර දෙකකට පසුව පවත්වන ලද මෙම වාර්ෂික උත්සවයට වියානා හි පිහිටි තානාපති කාර්යාල සහ නිත්‍ය දූත මණ්ඩල 35 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

ලොව පුරා ක්‍රියාත්මක වන ළමා පුණ්‍ය වැඩසටහන් සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

අතීතයේදී මෙන්ම, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය,  ඉයර් කෝන් ඉටිපන්දම් අපනයනය කරන එකම නියෝජිතයා, සිලෝන් ස්ටාර් සහ බැසිලූර් යන සමාගම් නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව ලංකා තේ, හස්ත කර්මාන්ත සහ සූපශාස්ත්‍ර රාජ්‍යතාන්ත්‍රික කටයුතු වියානා හිදී ප්‍රවර්ධනය කිරීමට සමත් විය.

යොවුන් කලාකරුවන් විසින් ඉදිරිපත් කරන ලද විලාසිතා ප්‍රදර්ශන සහ සංස්කෘතික සංදර්ශන නරඹන්නන් රසාලිප්ත කිරීමට සමත් විය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2022 දෙසැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close