මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය.

මහාචාර්ය පීරිස් මැතිතුමා විදේශ අමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳව එතුමාට සුබ පතමින්, මියන්මාරයේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි වසර දෙක තුළ දී නිදහස් හා සාධාරණ බහු පක්ෂ මැතිවරණයක් පැවැත්වීම ඇතුළුව රටේ සාමාන්‍ය තත්වය ඇති කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා අමාත්‍යතුමා දැනුවත් කළේය.

අමාත්‍ය පීරිස් මැතිතුමා දෙරට අතර ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින සමීප ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ ප්‍රධාන කුළුණු වන්නේ බුදු දහම සහ සංස්කෘතිය බව සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මියන්මාරයේ සමාජයීය හා දේශපාලන ස්ථාවරභාවය සඳහා ශ්‍රී ලංකාව දැඩි ලෙස සහයෝගය දක්වන බවත්, මියන්මාරයේ ජනතාවගේ දියුණුව හා සමෘද්ධිය සඳහා මෙම දෙවැනි කරුණ අත්‍යවශ්‍ය වන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොළඹ මියන්මාර තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරීහු මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 සැප්තැම්බර් 29 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close