මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා බහරේනයේ තානාපතිවරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තන පිටපතක් පිළිගන්වයි

මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා බහරේනයේ තානාපතිවරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තන පිටපතක් පිළිගන්වයි

නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  මිලින්ද මොරගොඩ මැතිතුමා දරන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්, 2023 මාර්තු 21 දින ඉන්දියාවේ බහරේන තානාපති අබ්දුල් රහ්මාන් බින් මොහම්මද් අල් ගෞද් මැතිතුමා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තන පිටපතක් පිළිගන්වන ලදී.

මීට පෙර, එනම් පෙබරවාරි මාසයේ දී, මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා විසින් ඉන්දියාවේ සිටින මොරොක්කෝ තානාපතිවරයා වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තන පිටපතක් පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකාවේ සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම ශුද්ධ වූ කුරානයේ සිංහල පරිවර්තනය නවදිල්ලියේ පිහිටි බහරේන තානාපති කාර්යාලයේ දී බහරේන තානාපතිවරයා වෙත පිළිගන්වන ලදී.

මහ කොමසාරිස් කාර්යාලය විසින් මීට පෙර දිල්ලියේ ජාමා මස්ජිදය සහ ජමියත් උලමා-අයි-හින්ද් සංවිධානය (ඉන්දියාවේ මුස්ලිම් දේවධර්මවාදීන්ගේ කවුන්සිලය) වෙත ශුද්ධ වූ කුරානයේ සිංහල පිටපත් පිළිගන්වන ලදී.

 මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමාගේ ප්‍රතිපත්ති මාර්ග සිතියම වන " ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය" නමැති ප්‍රතිපත්ති මාර්ග සිතියම අනුව, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඉන්දියාවේ සියලුම ප්‍රධාන ආගම් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

 

2023 මාර්තු 22 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close