ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ නව බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟතාවය ඇතිව, බංග්ලාදේශ මහජන ජනරජයේ රජය විසින්, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන ජනරජයේ මහ කොමසාරිස්වරයා ලෙස තාරෙක් මුහම්මද් අරිෆුල් ඉස්ලාම් මැතිතුමා පත් කර තිබේ. හිටපු මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා උතුමාණන්ගේ අනුප්‍රාප්තිකයා ලෙස එතුමා පත් කොට ඇත. එතුමා සිය අක්තපත්‍ර 2021 ජනවාරි 11 වන දින පෙ.ව. 10.45 ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 ජනවාරි 12 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close