නවසීලන්ත මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා 2022 අගෝස්තු 09 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

 දශක ගණනාවක් මුළුල්ලේ දෙරට අතර පවත්නා සුහද සබඳතා පිළිබඳව සඳහන් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, අභියෝගාත්මක අවස්ථාවන්හි දී මෙරටට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ උපකාර වෙනුවෙන් නවසීලන්තය වෙත සිය ස්තුතිය පළ කළේ ය.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික පසුබෑම සහ එම තත්ත්වය අවම කොට ස්ථාවරභාවය ළඟා කරගැනීම සඳහා රජය ගෙන ඇති අඛණ්ඩ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී දැනුම්වත් කරන ලදී.

නවසීලන්ත රජයේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මැතිතුමා සහතික විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අගෝස්තු 10 වැනි දින​

Print Friendly, PDF & Email
Please follow and like us:

Close