එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්- අමේරි මැතිතුමා අද දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා හමුවිය.

මෙහිදී සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මැතිතුමා, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා රජය මෙතෙක් ගත් ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුම්වත් කළේ ය. කෘෂිකර්මාන්තය, වෙළඳාම සහ ආයෝජන ක්ෂේත්‍රය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සමඟ පුළුල් සහයෝගීතාවක නිරත වන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඇරයුම් කළේ ය.

ශ්‍රී ලංකාවේ නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාට සුබ පැතූ තානාපතිවරයා, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම අවධාරණය කළ අතර, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට සහතික විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 අ‍ගෝස්තු 10  වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close