විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා පැසිෆික් ඉහළ පෙළේ සමුළුවට සහභාගී වෙයි

2021 ජුනි 23 වැනි දින අතථ්‍ය ලෙස පැවති තීරය සහ මාර්ගය (Belt and Road) සහයෝගීතාව පිළිබඳ ආසියා-පැසිෆික් ඉහළ මට්ටමේ සමුළුව අමතමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොවිඩ්-19 අභියෝගයන්ට මුහුණ දීම සඳහා එන්නත් ගෝලීය මහජන සෞඛ්‍යය භාණ්ඩයක් ලෙස පිළිගැනීම ඇතුළුව, රාජ්‍යයන් සහ අනෙකුත් හවුල්කරුවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය සමඟ තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය අවධානය සහ ලබා දෙන ජවය පිළිබඳව ද එතුමා ඉස්මතු කළේය.

වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වන සම්බන්ධීකරණ ප්‍රයත්න, වසංගතයෙන් ඉක්මනින් සුවපත් වීම සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය අනාගතයේ දී ආර්ථික දියුණුව සඳහා ඵලදායී ලෙස දායක වනු ඇතැයි අවධාරණය කරමින්, වර්ධනය වෙමින් පවතින වැදගත් ක්ෂේත්‍රවල ආයෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස විදේශ අමාත්‍යවරයා සියලු රටවලට ආරාධනා කළේය. එතුමා මෙම සන්දර්භය තුළ, නැගී එන කොළඹ වරාය නගරය, කොළඹ සහ හම්බන්තොට වරාය යටිතල පහසුකම් මෙන්ම ප්‍රධාන කාර්මික කලාප පිළිබඳව ද සඳහන් කළේය.

කලාපයේ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා සම්බන්ධකතාවයේ සහ හරිත සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව සියලු රාජ්‍යවල ජාතික සැලසුම් හා වැඩසටහන් සමඟ ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක වැදගත්කම පිළිබඳව විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

චීනයේ විදේශ කටයුතු අමාත්‍යතුමා ආසියානු පැසිෆික් කලාපයේ සහ අනෙකුත් රටවල සම්භාවනීය අමුත්තන්ගේ මෙන්ම, ජාත්‍යන්තර හා කලාපීය සංවිධානවල නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් යුත් මෙම සමුළුවේ මුලසුන දැරීය. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සමුළුවේ දී අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා සමඟ එක් විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 ජුනි 24 වැනි දින

.....................................................

සිංගප්පූරුව, ඩුබායි මෙන්ම කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස දියුණු වෙනවා

සිංගප්පූරුව, මැද පෙර දිග ඩුබායි මෙන්ම ශ්‍රි ලංකාවේ කොළඹ කලාපයත් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බෙල්ට් හා මාර්ග සහයෝගිතාව පිළිබද ආසියා පැසිෆික් ඉහළ පෙලේ සමුළුවක් අමතමින් ඊයේ (23) සදහන් කළේය. චීනය ඇතුළු රටවල් බොහෝමයක විදේශ අමාත්‍යවරු හා රාජ්‍ය නියෝජිතයන් මෙම සමුළුවට සහභාගි වී සිටියහ. සංවර්ධනය වෙමින් පවතින කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථායේ ආයෝජනය සදහා පැමිණෙන ලෙසද අමාත්‍යවරයා විදේශ රටවලට මෙහිදී ආරාධනාවක්ද කළේය.  සූම් තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සමුළුව පැය හතරකට ආසන්න කාලයක් පැවැත්විණ.  එහිදී තව දුරටත් අදහස් දැක් වූ අමාත්‍ය ගුණවර්ධන මහතා මෙසේද සදහන් කළේය. කොළඹ වරාය නගරය සංවර්ධනය කිරීමත්, කොළඹ සහ හම්බන්තොට වරායන් ජාත්‍යන්තර මට්ටමේ වරායන් ලෙස සංවර්ධනය කීරිමත්,  යටිතල පහසුකම් දියුණු කර ස්ථාන කිහිපයක ප්‍රධාන කාර්මික කලාප ඇති කීරිමත් සමග ලොව පුරා ආයෝජකයින්ට ශ්‍රි ලංකාව ආකර්ශනීය ආයෝජන කලාපයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

"වර්තමාන ගෝලීය වසංගතයෙන් අපේ ආර්ථිකයන් හා සමාජයන් කෙරෙහි ඇති කරන බලපෑම විනාශකාරීය.  මෙම වසංගතය ශ්‍රී ලංකා ආර්ථිකයට ද බරපතල ලෙස බලපා ඇත.  අභියෝග මධ්‍යයේ වුවද, අපගේ ආර්ථිකය සංවර්ධනය කිරීම සහ අපගේ ජනතාවගේ යහපැවැත්ම නංවාලීම සඳහා අපගේ ශක්තීන් සහ වාසි උපයෝගී කර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටද ශ්‍රී ලංකාව කැපවී සිටී.

මේ සඳහා, අපගේ ආර්ථික යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සහ ජයග්‍රාහී වාතාවරණයක් යටතේ සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා බෙල්ට් සහ මාර්ග සහයෝගීතාවයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. COVID-19 වසංගතයට එකම තිරසාර විසඳුම වන්නේ එන්නත් කිරීමයි. අවාසනාවකට මෙන්, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට  එන්නත්  සැපයුම් හා එන්නත් ලබා ගැනීමට සම්පත් හිග කම  බාධාවන් සේ බලපා ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යළිත් වරක් කියා සිටින්නේ COVID-19 එන්නත් ‘ගෝලීය මහජන සෞඛ්‍ය යහපත්’ බවට පත් කිරීමට කටයුතු කරන ලෙසය.

චීනය අතර මිත්‍රත්වය හොද හා අයහපත් යන  සෑම කාල පරිච්ඡේදයකම, එක හා සමානව පවත්වා ගෙන ගොස් ඇත. ‘කල්‍යාණ මිත්‍ර’ මූලධර්ම මත පදනම්ව මෙම මිත්‍රත්වයන් වර්ධනය කර ගැනීම අපේ අපේක්ෂාවය.

අතිගරු ජනාධිපති ෂී ජින් පිංගේ නායකත්වය යටතේ, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සහ කලාපයේ, COVID-19 වසංගතය තුරන් කිරීමේ ක්‍රියාවලියේදී චීනයේ විශාල මානුෂීය දායකත්වය  අපි අගය කරමු. ගෝලීය වසංගතයකට එරෙහිව සටන් කරන අතර චීනය සිය විශාල බලයන් පෙන්නුම් කර ඇතත් අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ අභියෝගයන්හි ප්‍රගතියකද  පෙන්නුම් කර ඇත.

දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා ශ්‍රි ලංකාවද පුළුල් ලෙස අනුවර්තනය වීමේ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැළැක්වීම සඳහා වන ගෝලීය ව්‍යාපාරයට ක්‍රියාකාරීව සහභාගී වේ. ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතහැර දැමීමට පටන් ගෙන ඇති අතර පුනර්ජනනීය බලශක්තියෙන් 70% ක් ද උත්පාදනය කිරීමට කැපවී සිටී.

ඒ අනුව, හරිත සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව වසංගත ප්‍රකෘතිමත් වීම සහ සංවර්ධන ක්‍රියාදාමයන් සමඟ ඒකාබද්ධ කිරීමේ තීරණාත්මක වැදගත්කම ශ්‍රී ලංකාව පිළිගනී. මේ සම්බන්ධයෙන්, බෙල්ට් සහ මාර්ග හරිත සංවර්ධන වැඩසටහන් මගින් වටිනා ආශ්වාදයක් ලබා දේ.

අපේ සියලු ජනතාවගේ සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා චීනය සහ එහි හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළේය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close