තානාපතිවරයා තුර්කි ජනරජයේ හා ශ්‍රි ලංකාවේ ආරක්ෂක සහයෝගිතාවට ගිවිසුමක්

තානාපතිවරයා තුර්කි ජනරජයේ හා ශ්‍රි ලංකාවේ ආරක්ෂක සහයෝගිතාවට ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර එළඹීමට අපේක්ෂිත ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ගිවිසුම සම්බන්ධ ප්‍රගතිය පිළිබඳව තුර්කියේ ශ්‍රි ලංකා තානාපති එම්.ආර්. හෂන් මහතා හා එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් මෙහෙමට් අක්ටාස් මහතා අතර සාකච්ඡාවක් ඉකුත් 11 වනදා පැවැත්විණ. තානාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා, දෙරටේ නීතිය ක්‍රියාත්මක කරන කාර්යාල, සහ පොලිස් බලකායන් අතර සහයෝගිතාවය වැඩි දියුණු කිරීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.

අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ගජිත්‍රා නවාන් මහත්මිය සහ මහජන සම්බන්ධතා නිලධාරී බෙටුල් එලිෆ් උග්‍රාමාස් මහත්මිය, 1 වැනි පන්තියේ පොලිස් ප්‍රධානී, විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී හා ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් වොල්කන් ඉමිචි මහතා සහ කොමසාරිස් සේකි යිල්ඩිස් මහතා ද මෙම රැස්වීමට එක් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2021 ජූනි මස 25 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close