ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේහ් මැතිතුමා 2022 අගෝස්තු 31 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා හමුවිය.

විදේශ කටයුතු අමාත්‍ය සබ්රි මැතිතුමා සහ තානාපති මොස්ලේහ් මැතිතුමා මෙහිදී බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව හා සබැඳි කටයුතු පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වූ හ.

අමාත්‍ය සබ්රි මැතිතුමා මෙහිදී මෙරට වත්මන් ප්‍රවණතා, රට මුහුණ දෙන අභියෝග සහ මෙම අභියෝග ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග යනාදිය පිළිබඳව තානාපති මොස්ලේහ් මැතිතුමා දැනුම්වත් කළේ ය.

වත්මන් ගෝලීය ප්‍රවණතා සහ එමඟින් දෙරටට එල්ල විය හැකි බලපෑම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට වසර 65 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සරය ලබන වසරේ දී ඉතා යෝග්‍ය අයුරින් සැමරීමට නියමිත බවද මෙහිදී සඳහන් කෙරිණි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 සැප්තැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close