මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහා නම් කළ කොන්සල් ජනරාල්වරයා සිය ධුරයේ වැඩ භාර ගනී

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සඳහා නම් කළ කොන්සල් ජනරාල්වරයා සිය ධුරයේ වැඩ භාර ගනී

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රාන්ත සඳහා නම් කළ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් වූ සන්දිත් සමරසිංහ මහතා 2022 දෙසැම්බර් 12 වැනි දින මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇමතූ නම් කළ කොන්සල් ජනරාල්වරයා, ප්‍රාන්ත තුනේ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම ධූර කාලය තුළදී කොන්සියුලර් සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා අඛණ්ඩව ලබා දෙන අතරතුර වෙළෙඳාම හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් දේශගුණික විපර්යාස සහ හරිත ආර්ථිකය පිළිබඳ සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීමට අදහස් කරන බව සඳහන් කළේ ය.

කොන්සල් ජනරාල්වරයා ලෙස නම් කරන ලද සමරසිංහ මහතා සතුව දේශපාලන ක්ෂේත්‍රය, කර්මාන්ත, රාජ්‍ය සහ ආයතනික අංශවල පාර්ශ්වකරුවන් ගණනාවක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම සම්බන්ධයෙන් වසර 13 ක පළපුරුද්දක් පවතී. තවද එතුමා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සංකීර්ණ වාතාවරණ තුළද ක්‍රියා කර ඇත. එතුමා ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති, නිෂ්පාදන, යටිතල පහසුකම්, සංචාරක, වනජීවී සහ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධ බහුජාතික සහ දේශීය ආයතනවල දේශගුණික විපර්යාස උපදේශකයෙකු ලෙස සේවය කර ඇත. එතුමා මීට පෙර සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කර ඇත.

නම් කළ කොන්සල් ජනරාල් සමරසිංහ මහතා කැන්බරා විශ්වවිද්‍යාලයෙන් ජන සන්නිවේදනය (මාධ්‍ය සන්නිවේදනය ප්‍රධාන විෂය) පිළිබඳ ප්‍රථම උපාධියක් ලබා ඇති අතර, සහ ඇමරිකා එක්සත් ජනපදයේ මන්සි ඉන්ඩියානා හි බෝල් ස්ටේට් විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා - කලා සහ ඡායාරූපකරණය පිළිබඳ ප්‍රථම උපාධියක් ද ලබා ඇත. එතුමා සිය ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මෙල්බර්න්

2022 දෙසැම්බර් 15 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close