මින්දනාවෝ හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා පත් කිරීම

මින්දනාවෝ හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා පත් කිරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, පිලිපීන ජනරජයේ එකඟතාව සහිතව ඩවාඕ, සැම්බොවාන්ගා, උතුරු මින්දනාවෝ, සොක්සාර්ජන් සහ කරාගා යන ප්‍රදේශවල කොන්සියුලර් අධිකරණ බලය සහිත මින්දනාවෝ හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා වශයෙන් විලියම් චෙන් මහතා පත් කළේ ය.

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය 2022 දෙසැම්බර් 14 වැනි දින තානාපති කාර්යාලයේ දී නිර්වේතනික කොන්සල් චෙන් මහතා වෙත එතුමාගේ පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දුන්නා ය.

කීර්තිමත් ව්‍යාපාරිකයකු වන විලියම් චෙන් මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී (රියල් ස්ටීල් කෝපරේෂන්), සභාපති (රියල් එනර්ජි කෝපරේෂන්), ප්‍රධාන විධායක නිලධාරී (ස්ටාර්ක් ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන්, ස්ටීල් ඇන්ඩ් ඇම්මෝ කෝපරේෂන්, ටයිරෝ සෝර්ටා ෂූටින්ග් රේන්ජ් ඇන්ඩ් ගන් ක්ලබ්) සහ අධ්‍යක්ෂ (ඌනා ග්‍රොන්ද් ටියෙරා ඩිවෙලොප්මන්ට් කෝපරේෂන්) යන තනතුරු දරා ඇත.

එතුමා සැන් සයිමන් වාණිජ මණ්ඩලයේ අධ්‍යාපන හා සංවර්ධන කටයුතු පිළිබඳ සභාපති මෙන්ම පිලිපීන ප්‍රේරක උණු කිරීමේ කර්මාන්ත සංගමයේ භාණ්ඩාගාරික ද වේ.

මින්දනාඕ හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරයා වන එතුමා, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ දී මෙරට මුලපිරීම් සම්බන්ධයෙන් පුරෝගාමී වී කටයුතු කරනු ඇති අතර, මෙම කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අවශ්‍යතා සහ සුබසාධනය සම්බන්ධයෙන් ද කටයුතු කරනු ඇත.

මින්දනාවෝ ප්‍රදේශය විශේෂයෙන්ම මෙට්‍රෝ ඩවාඕ වාණිජ මධ්‍යස්ථානය තුළ ප්‍රධාන ධාන්‍ය සපයන කලාපයක් මෙන්ම නැගී එන වෙළඳ හා ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 දෙසැම්බර් 16 වැනි දින

Please follow and like us:

Close