ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘සංචාරක කටයුතු ප්‍රවර්ධන කවුළුව’ (Tourism Promotional Window) විවෘත කරයි

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ‘සංචාරක කටයුතු ප්‍රවර්ධන කවුළුව’ (Tourism Promotional Window) විවෘත කරයි

ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ෆලාහ් මවුලානා අල්හබ්ෂි මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සහය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ මඟපෙන්වීම යටතේ Welcome to Sri Lanka, a paradisiacal experience on Earth” යන තේමාව යටතේ 2022 දෙසැම්බර් 12 වැනි දින ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ දී ‘සංචාරක කටයුතු ප්‍රවර්ධන කවුළුව’ නිල වශයෙන් විවෘත කළේ ය. සංචාරක ක්‍රියාකරුවන්, මාධ්‍යවේදීන් සහ සෞදියේ මිතුරන් සහ ශ්‍රී ලංකාව සඳහා සුභ පතන්නන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සිය සමාරම්භක දේශනය සිදු කළ කොන්සල් ජෙනරාල්වරයා, දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතාව සිහිපත් කළ අතර, සෞදි රජය සහ එහි ජනතාව ශ්‍රී ලංකාවට දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේ ය. තවද, කොන්සල් ජනරාල් කාර්යාලය ඉතා සුළු කාලයක් ඇතුළත සංචාරක වීසා නිකුත් කරන බව සඳහන් කළ කොන්සල් ජනරාල්වරයා, ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය සහ ආගන්තුක සත්කාර භුක්ති විඳීම සඳහා මෙරටට පැමිණෙන ලෙස සියලුම සෞදි ජාතිකයන්ට ආරාධනා කළේ ය.

මෙම උත්සවය අතරතුර සිය අදහස් පළ කළ ඇතැම් ආරාධිතයන් තමන් ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාර පිළිබඳව සිහිපත් කළ අතර, ශ්‍රී ලංකාවේ ජනතාව පිරිනමන උණුසුම් ආගන්තුක සත්කාර වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළහ.

මෙම උත්සවය අතරතුර සංකේතාත්මක අයුරින් වීසා නිකුත් කිරීම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ජෙඩා

2022 දෙසැම්බර් 16 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close