පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය පිලිපීනයේ විදේශ කටයුතු ලේකම්වරයා (අමාත්‍ය) හමුවෙයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිවරිය පිලිපීනයේ විදේශ කටයුතු ලේකම්වරයා (අමාත්‍ය) හමුවෙයි

පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මැතිනිය සිය පැවරුම අවසන් කරමින්, පිලිපීනයේ විදේශ කටයුතු ලේකම් (අමාත්‍ය) එන්රික් ඒ. මනාලෝ මහතා හමුවී සමුගත්තාය.

තානාපති ගුණසේකර මැතිනියගේ ධූර කාලය තුළ දී පිලිපීන - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඇය කළ කැපවීම පිළිබඳව ලේකම් මනාලෝ මහතා සිය ප්‍රශංසාව පළ කළේය.

තානාපති කාර්යාලය වෙත දක්වන ලද අනුග්‍රහය පිළිබඳව පිලිපීනයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ස්තූතිය පළ කළ තානාපති ගුණසේකර මැතිනිය, ඉදිරි වසරවල දී දෙරට අතර සබඳතා තවදුරටත් ප්‍රගතිය කරා ගෙන යන බව ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 දෙසැම්බර් 13 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close