ශ්‍රී ලංකා තානාපතිවරයා සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරු දෙපළ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා තානාපතිවරයා සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරු දෙපළ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2023 මාර්තු 22 වැනි දින පැලසෝ පබ්ලිකෝහි දී සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරුන් වන මරියා ලුයිසා බර්ටි මහත්මිය සහ මනුවෙල් චියාවටා මහතා  වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගැන්වී ය.

තානාපතිවරයා මෙම අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය අතරතුර, ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පිරිනමන ලද සුබපැතුම් සැන් මරීනෝ හි කපිතාන් රීජන්ට්වරු වෙත පළ කළේ ය.

තවද, ශ්‍රී ලංකා රජයේ නව ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ මෙන්ම නව ආර්ථික උපායමාර්ග පිළිබඳව ද තානාපතිවරයා විසින් දැනුම්වත් කරන ලදී. තවද, ශ්‍රී ලංකාව සහ සැන් මරීනෝ අතර පවතින සුහද සබඳතා පිළිබඳව සඳහන් කළ තානාපති වැල්ලවත්ත මැතිතුමා, ආර්ථික සහයෝගීතාව, අධ්‍යාපනික සහයෝගීතාව, ආයෝජන සහ වෙළඳාම, ශ්‍රම අංශය ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක ව්‍යාපාරය කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධාරණය කළේ ය.

2023 මාර්තු 21 වැනි දින සැන් මරීනෝ ජනරජයේ විදේශ කටයුතු, ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතා සහ විදුලි සංදේශ අමාත්‍ය ලූකා බෙකාරි මැතිතුමා හමු වූ තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා, ඉහත ක්ෂේත්‍රවලට අදළව දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වී ය.

ඉන් අනතුරුව, සැන් මරීනෝ වාණිජ්‍ය මණ්ඩලයේ ආර්ථික සංවර්ධන නියෝජිතායතනයේ සභාපති හමු වූ තානාපතිවරයා, පුනර්ජනනීය බලශක්තිය, ඇඟලුම් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජනය කිරීම සඳහා පවතින අවස්ථා ගවේෂණය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

රෝමය

2023 මාර්තු 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close