ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලය සමඟ පැවැත්විය හැකි සහයෝගීතාව පිළිබඳව ගවේෂණය කරයි

ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලය සමඟ පැවැත්විය හැකි සහයෝගීතාව පිළිබඳව ගවේෂණය කරයි

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා, තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් (වාණිජ්‍ය) සහ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිලධාරියා සමඟ එක්ව, 2023 මාර්තු 24 වැනි දින යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලයේ (UBL) සංචාරයක නිරත විය. අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව එම විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්විය හැකි සහයෝගීතාව ගවේෂණය කිරීම මෙම සංචාරයේ අරමුණ විය.

යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානී ආචාර්ය අයි. වෙන්ඩි උසිනෝ මහතා, එම විශ්වවිද්‍යාලයේ පැවති පොදු දේශනයක් සඳහා තානාපතිවරයාට ඇරයුම් කළ අතර, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් සමඟ ශිෂ්‍ය හා ශාස්ත්‍රීය හුවමාරුවක් සිදු කිරීම සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ අධ්‍යයන චාරිකාවක් සිදු කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ද ඉදිරිපත් කළේ ය. ශ්‍රී ලංකාවේ NSBM හරිත විශ්වවිද්‍යාලය සමඟ පැවැත්විය හැකි සහයෝගීතාව, සංස්කෘතික හුවමාරු සහ විදුලි වාහන කර්මාන්තය සහ රොබෝ තාක්ෂණය පිළිබඳ දැනුම හුවමාරු කරගැනීම යනාදිය පිළිබඳව තානාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

1979 වසරේ දී ආරම්භ කරන ලද යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලය ලොව විශ්වවිද්‍යාල අතරින් 234 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. 2022 වසරේ වෙබොමෙට්‍රික්ස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම විශ්වවිද්‍යාලය ඉන්දුනීසියාවේ හොඳම විශ්වවිද්‍යාල 100 ට ඇතුළත් වේ.

යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලයේ Waste Bank හෙවත් අපද්‍රව්‍ය රැස් කරන ස්ථානය නැරඹීමේ අවස්ථාව මෙන්ම එම විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කර ඇති හරිත වැඩසටහන් පිළිබඳව දැනගැනීමේ අවස්ථාව ද තානාපතිවරයාට හිමිවිය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජකර්තා

2023 මාර්තු 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close