කටාර් රාජ්‍යය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි

කටාර් රාජ්‍යය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි

කටාර් රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කළ තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 19 වැනි දින එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් බින් සාද් අල් මුරෙයිකි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කළේය.

මෙම සුහද හමුව අතරතුර දීවිදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා තානාපතිවරයාගේ රාජකාරිවල සාර්ථකත්වය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරමින්, මෙම මිත්‍ර රටවල් දෙක අතර විවිධ ක්‍ෂේත්‍රයන්හි සමීප සහයෝගීතාව සඳහා ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම පිණිස සියලු සහයෝගය ලබා දෙන බවට සහතික විය. සිය රටේ ප්‍රගතියේ සහ සංවර්ධනයේ පාර්ශ්වකරුවන් වීම පිළිබඳව කටාර් හි ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට එතුමා සිය කෘතඥතාව පළ කළේය.

කටාර් රාජ්‍යයේ ආමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන් වෙත සහ කටාර් රාජ්‍යයේ ජනතාවගේ අඛණ්ඩ ප්‍රගතිය සහ සමෘද්ධිය වෙනුවෙන් නම් කළ තානාපති මොහිදීන් මැතිතුමා ණුසුම් සුබ පැතුම් එක් කළේය.

 

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
දෝහා

2021 ජනවාරි 19 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close