ලොව සංචාරකයින්ට ශ්‍රී ලංකාව විවෘත කළ බව ඉන්දියාවේ දී ප්‍රකාශයට පත් කෙරේ

ලොව සංචාරකයින්ට ශ්‍රී ලංකාව විවෘත කළ බව ඉන්දියාවේ දී ප්‍රකාශයට පත් කෙරේ

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම නිවේදනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් අන්තර්ජාලය හරහා ඉකුත් 19 වැනි දින බටහිර ඉන්දියාවේ දී පැවැත්විණ. අද (21) සිට ශ්‍රී ලංකාව නැවත  සංචාරකයින් සඳහා  විවෘත කිරීම හා සම්බන්ධ “ආරක්ෂිත පිළිවෙත්” පිළිබඳව අගැයීම සඳහා ඉන්දියානු වෙළඳපොළ සඳහා සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ සැසිය මෙය විය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) සභාපති කිර්මාලි ප්‍රනාන්දු මහත්මිය, මුම්බායි හි කොන්සල් ජනරාල් චමරි රුද්‍රිගු මහත්මිය, ඉන්දියාවේ සංචාරක නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ජෝති මායාල් මහත්මිය, සංචාරක නියෝජිතයින්ගේ සම්මේලනයේ වැඩබලන සභාපති ප්‍රදීප් ලුල්ලා මහතා, ඉන්දියාවේ බටහිර කලාපයේ සිටින සංචාරක නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අන්තර්ජාලය ඔස්සේ පෑවති රැස්වීම සඳහා සහභාගී වූහ.

රැස්වූ පිරිස සාදරයෙන් පිළිගනිමින්, “කොවිඩ්-19 පිළිබඳ තර්ජනය තවමත් පවතින නමුත්, කොවිඩ්-19 එන්නත ලබා දීම මඟින් වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ නව අපේක්ෂාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාව ඉතා සුබවාදී වන අතර ජාත්‍යන්තර සංචාරකයින් නැවත පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සූදානම් වෙමින් පවතී” යයි කොන්සල් ජෙනරාල්වරිය පැවසුවාය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරන්තරයෙන් ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ඉන්දීය සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ට ස්තූති කිරීමට ද ඇය මෙහි දී අවස්ථාව සලසා ගත්තාය.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිතුමිය, සංචාරකයන්ගෙන් දේශීය ජනතාවට සහ එහි ප්‍රතිවිරුද්ධ අතට කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංචාරකයින් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් යොදා ඇති මූලික වැඩ කටයුතු පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළාය. සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන් සහ අමුත්තන් විසින් අනුගමනය කරනු ලබන ‘ආරක්ෂිත පිළිවෙත් කෙටුම්පතක්’ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. “ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සඳහා අවම දින ගණනක් අවශ්‍ය නොවන අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආයතනය විසින් සහතික කරන ලද හෝටල් 131 ක් පමණ සංචාරකයින්ට නවාතැන් පහසුකම් සපයයි. නවාතැන් ගත් මුල් දින 14 තුළ දී සංචාරකයින්ට විශේෂයෙන්ම ජාත්‍යන්තර සංචාරකයින් සඳහා පමණක් නවාතැන් පහසුකම් සපයන ‘ආරක්ෂිත සහ සුරක්ෂිත’ බවට සහතික කළ 1 වැනි මට්ටමේ හෝටලයක නැවතී සිටිය හැකිය” යයි ඇය තවදුරටත් පැවසුවාය.

රැස්ව සිටි ඉන්දියානු සංචාරක කර්මාන්තයේ හවුල්කරුවන්ගේ ගැටළු විසඳීම සඳහා පැවති ප්‍රශ්නෝත්තර සැසියකින් අනතුරුව, මෙම සැසිය අවසන් විය.

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් යුතුව මෙම සැසිය සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

මුම්බායි

2021 ජනවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close