ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අති උතුම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අති උතුම් කාදිනල් හිමිපාණන් හමුවෙයි

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 පෙබරවාරි 23 වැනි දින කර්කි හි මැරොනයිට රදගුරු හිමිපාණන්ගේ ආසනයේ දී ලෙබනනයේ මැරොනයිටවරුන්ගේ ප්‍රධාන රදගුරු වන අතිඋතුම් කාදිනල් බෙචාරා බුට්‍රොස් අල් රාහි හිමිපාණන් හමුවිය.

මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික සහ ආගමික සංයුතිය, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි  තමන් කැමති ආගමක් හෝ විශ්වාසයක් ඇදහීමට හෝ පිළිගැනීමට ඇති නිදහස ඇතුළුව අන්තර් ආගමික සහජීවනය සහතික කිරීම සඳහා රජය සතු කැපවීම පිළිබඳව කාදිනල් හිමිපාණන් දැනුම්වත් කළේ ය.

තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් කාදිනල් හිමිපාණෝ ජනවාර්ගික හා ආගමික සහජීවනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න අගය කළහ. තවද උන්වහන්සේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාවගේ සාමය සහ සෞභාග්‍යය උදෙසා ආසිරි පැතූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බේරූට්

2023 පෙබරවාරි 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close