වියානා නුවර දී ස්ටැසන් තේ හඳුන්වා දෙනු ලැබේ

වියානා නුවර දී ස්ටැසන් තේ හඳුන්වා දෙනු ලැබේ

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දින සංවත්සරයට සමගාමීව වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, වියානා හි සුප්‍රසිද්ධ තේ අවන්හලක් වන හාස් ඇන්ඩ් හාස්හි දී (Haas & Haas) ස්ටැසන් ලංකා තේ හඳුන්වා දුන්නේ ය.

2023 පෙබරවාරි 14 වැනි දින වියානා නගර මධ්‍යයේ පිහිටි ස්ටීවන්පලැට්ස් හි හාස් ඇන්ඩ් හාස් කොලෝනියල් තේ අවන්හලේ පැවති මෙම උත්සවයට ඔස්ට්‍රියානු රජයේ නිලධාරීන්, වියානා හි සිටින තානාපතිවරුන් සහ නිත්‍ය නියෝජිතයන්, වියානා හි තේ සංගමයේ සාමාජිකයින්, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය නියෝජිතයන් සහ පාරිභෝගිකයෝ රැසක් සහභාගි වූහ.

පවුලේ සමාගමක් වන හාස් ඇන්ඩ් හාස් කොලෝනියල් තේ අවන්හල ලොව විවිධ රටවල නිෂ්පාදනය කරන සුගන්ධවත් තේ වර්ග රාශියක් පිළිගන්ව යි. මීට වසර විසිපහකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඊවා හාස් මහත්මිය සහ එතුමියගේ පවුලේ සාමාජිකයන් ස්ටැසන් සමූහය යොමු කළ ඇරයුමකට අනුව කර්කොස්වෝල්ඩ් වතුයායේ සදා මතකයේ රැඳෙන ආකාරයේ නිවාඩුවක් ගත කළහ. සුප්‍රසිද්ධ ස්ටැසන් තේ ඔස්ට්‍රියාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම සංචාරය  ඉවහල් විය.

ලෝක ප්‍රකට ශ්‍රී ලාංකික කලා පදනමක් වන චන්න-උපුලි රංග කලා ආයතනය විසින් ඉදිරිපත් කරන ලද නර්ථන අංගයක් මෙම උත්සවයට ඇතුළත් වූ අතර, ශ්‍රී ලාංකික සම්ප්‍රදාය ඉස්මතු කරන සංග්‍රහයක් ද පැමිණ සිටි පිරිස වෙත මෙහිදී පිළිගන්වන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2023 පෙබරවාරි 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close